පරිගණකයකට පැමිනිය හැකි මෘදුහානීන් අතරට පලමු මට්ටමේම සටහන් වන්නේ නොමනා ලෙසට සංක්‍රිය කර ඇති මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය හා එ අකාරයටම සංක්‍රියකර ඇති ආරක්ශම මෘදුකාංගයක් ස්ථාපනය කිරීමය. මෙහෙයුම් පද්ධති සදහා මිල ඉහලව පැවතීම මෙම හැසිරීම් වලට ප්‍රධාන හේතුව ලෙසට පිලිගන්නට සිදුවන අතර එය සැම විටම එසේම් නොවීම ද විටින් විට හමුවේ. මෙහෙයුම් පද්ධතිය වෙනු වෙන් මිලක් ගෙවිය හැකි මට්ටමේ භාවිතාකරන්නන්ද වෙනත් එතරම් තාර්කීක නොවන හේතු පදනම් කොට ගෙන මෙවැනි පියවරවල් ගැනීම දැකිය හැකිය. මෙහෙයුම් පද්ධතියක් මෙලෙස නොනිසි ලෙසට සංක්‍රියකිරීමට අවශ්‍ය මෘදු කොටස් නිපදවන්නන් එක් අවස්ථාවක්දී අදාල මෘදු කොටසට අමතරව යම් යම් හානිකර මෘදුකොටස්ද ඒතුලට බහා එවීම සිදු විය හැකියි. පරිගනකයක් තුල මෙහෙයුම් පද්ධතියට හිමිවන ප්‍රධන බව තුල ඒ හා මිශ්‍රිත පැමින ඇති සමහර ගොනු විමසා බලන්නට ආරක්ශක මෘදුකාංගවල බලයක් නැතිවීම සමහර අවස්ථාවලදී සිදුවිය හැක. එවන් අවස්ථාවක්දී ආසාධිත මෙහෙයුම් පද්ධතියක් මතට ලොව ඉස්තරම්ම ආරක්ශක මෘදුකංගය ස්ථාපනය කලද බලා පොරොත්තුවන ආරක්ශාව නොපැමිනීම සිදුවිය හැකිය. එසේම නොමනා ලෙසට සංක්‍රියකරන ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනය කිරීම සොරසතුරෙකුද සමග දොරගුලු ලා ගැනීමක් වැනිය. මෙවැනි අවස්ථා දෙකෙහිම පැන නැගෙන තවත් අනතුරු දායක තත්වයක් වන්නේ මෙවන් පියවරවලින් පසුව නිසි ලෙස එම මෘදුකාංග සදහා පැමිනෙන යාවත්කාලීන නිසි ලෙසට ලබා ගන්නට නොහැකිවීමය. විශේෂයෙන් අන්තර්ජල භාවිතය බහුල මෙවන් යුගයක එය එසේ වීම වඩාත් අනතුරු දායක විය හැක. "ubuntu" වනි නොමිළේ භාවිතාකල හැකි මෙහෙයුම් පද්ධති පෙර සංස්කරන වලදී මෙන් නොව වඩාත් තියුනු මට්ටමක මිලදී ගත යුතු මෙහෙයුම් පද්ධති සමග තරග කරන මට්ටමක වන බැවින් එවන් විකල්පයක් දෙසට යොමුවීම අනාරක්ශිත මෙහෙයුම් පද්ධහියක් සමග කටයුතු කරමින් අපහසුතාවයට් පත්වනවාට වඩා හිතකර වනු ඇත. ආරක්ශක මෘදුකාංග වලද තත්වය මේ අයුරින්ම වන අතර නොමිළේ ලැබෙන ආරක්ශක මෘදු කාංගයන් ඉතාම දුර්වල ඒවාම නොවන අතර සිදුවන්නේ සංකීර්න හානිකරයන් පැතිරීමක් ඇති මෙම යුගයේදී ආරක්ශිත පරිගණකයක් සදහ අවශ්‍යවන සියලුම ආරක්ශක උපාංග වලින් ඒවා සමන්විතව නොවීමය. සරල මට්ටමේ භාවිතාකරන්නෙකුට එසේ නොමිළේ ලැබෙන ආරක්ශක මෘදුකාංගයක් ගෙනෙන ආරක්ශාව ප්‍රමානවත් වන අතර එය නිසිපරිදි යාවත්වීම් ආදිය සිදුවන බවට වග බලා ගැනීම භවිතාකරන්නාගේ වගකීමකි. ස්වංක්‍රීයව සිදුවන පිරික්සුම් වලට අමතරව කාලයකට වරක් මැනුවල් ආකාරටද තම පරිගණකය පිරික්සා ගැනීම වැදගත් වන අහර මුල් ආකාරයේ ආරක්ශක මෘදුකාගය ඔස්සේ ආරක්ශාව නොලැබෙන අංග පිලිබදව විමසමින් ඒවා සදහා කලකට වරක් ක්‍රියාත්මක කල හැකි අමතර standalone ආකාරයේ ආරක්ශක මෘදුකාංගයක ස්ථාපනයකොට තබා ගැනීමට අමතරව firewall මෘදුකංගයක් ඔස්සේ මුල් අරක්ශක මෘදුකාංගය ආරක්ශාව නොසපයන්නේනම් නොමිළේ ලබා ගතහැකි එවන්නක් හා spam ෆිල්ටර් වැනි මෘදුසහයක් බාහිරින් ලබා ගැනීම වැදගත් වනු ඇත. Firewall මෘදුකාංගය ජාල ගතවීමකදී බාහිරින් අනවශ්‍ය පැමිනීම් වලකන්නට කටයුතු කරන අතර ද්විත්ව ආකරයේ ක්‍රියාකාරිත්වයක් ඇති Firewall ඔස්සේ දෙදිසාවටම සිදුවිය හැකි අනාරක්ශිත සබදතා ගැන අවධානයෙන් සිටීමේ ආරක්ශාව ලබ ගත හැකි වමු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...