Google හි ප්‍රකට වාර්ෂික හමුවේ 2014 I/O සදහා ඉතිරව ඇත්තේ හෝරා කිහිපයක් පමනී. මෙම හමුවේදී සිදුවන්නට නියමිත බොහෝ දෑ අතර ඔවුනගේ බහුලතම භාවිතාවක් දිනා ගෙන ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන Andrid වල මීලග සංස්කරනයේ නිකුතුව සිදුවන්නට නියමිත බවටයි බලපොරොත්තු පලවෙමින් ඇත්තේ. මෙම නිකුතුව සදහා යෙදෙන නාමය පිලිබදව තවමත් තොරතුරක් නිකුත් නොවුනද සුපුරුදු ලෙසට dessert-themed පෙලෙහි තවත් නාමයක් වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ. දැනටමත් මෙම Android 5.0 හි ස්ක්‍රීන ඡාරාරූ දෙකක් යම් අතපසු වීමක් ඔස්සේ අන්තර්ජාලය වෙතට නිකුතුව තිබීමක් සටහන් වන අතර ඒවා හැදෑරීමෙන් තහවුරුව ඇත්තේ නව Android සංස්කරනය සමග තීර්නාත්මක ලෙසට UI වල වෙනසක් රැගෙන එන්නට එම ආයතනය කටයුතු කරනු ඇති බවකි. එම ඡායා සටහන් වලට අනුව නව icons දෙකක් ප්‍රධාන ස්ක්‍රීනය මතින් හදුනා ගන්නා අතර "L" ලෙසට දැක් වෙන icon එක ඔස්සේ වැදගත්ම notifications වෙතට පිවිසීමේ හැකියාව ඒ අතර කැපී පෙනෙනවා. ක්‍රෝම් බ්‍රවුසරයේ නව පෙනුමැති පැමිනීම මීට අමතරව හඳුනා ගන්නා අතර ෆ්ලැට් ආකාරයේ නව Google account login කවුලුව ගැනද සදහන් වනවා. මීට අමතරව Android ware පිලිබදව ඇතුලු තව බොහෝ දේ පිලිබදව නිල ලෙසට තව හොරා කිහිපයකින් ඇරබෙන හමුව ඔස්සේ නිල ලෙසටම දැන ගැනීමට හැකිවනු ඇත.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...