DDR3 මුල් සැලසුම් කරලියට විත් ගතවයන සත්වන වසර ලෙසටයි ගනනය වන්නේ. 4K Video වැනි භාවිතාවන් සමග මතක භාවිතාව පිලිබදව පරිගනකයක ඇති වන අවශ්‍යතාවය සංසිඳවා ගන්නට Overclocking වැනි ක්‍රමවේද ඔස්සේද තව දුරටත් නොහැකි වන වටපිටාව තුල DDR4 මතක සංස්කරනයක් පිලිබදව ප්‍රධාන පෙලේ නිෂ්පදකයින්ගේ දැඩි අවධානය යොමුව ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ."Double date rate(4th generation)" මූලිකව පෙර සංස්කරනය වූ DDR3 සමග සැලකීමේදී ක්‍රියාත්මකවන වේගය දෙගුනයකින් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. පෙර සංස්කරන වලින් එය වෙනස් වන අවස්ථාවල් අතර Different signalling voltage" ප්‍රධානව දැක්වෙන අතර "Different physical interfac" වලින් පෙර සංස්කරන වලින් වෙන්ව හඳුනා ගැනීමේ හැකියාවෙන් යුත්ත වනු ඇති බවටයි දැක්වෙන්නේ. 2014 අගභාගය වන විට හෝ 2015 මුල් භාගය වන විට වෙළඳපොල වෙතට පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම නිකුතුව අධික මිල ගනනින් යුත්ත වනු ඇති බවට අනුමානවෙමින් පවතිනවා. බොහෝ දුරට DDR4 වලින් පසුව DDR තාක්ශනය non volatile දෙසට චලනය වෙමින් වැඩි වේගවත් SSD වනි ස්වරූපයක් ගනු ඇති බවට හදාරන්නන් වැඩි දුරටත් යෝජනා කරමින් සිටින බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...