2014-07-05

"සතියේ පරිගණක පුවත්" පලමු කලාපය(PDF) එලබෙන සදුදා සිටය....

  තොරතුරු අවකාශය තුල දෛනික සිදුවීම්ම අපමනය.  ඒවා අතර "පුලුල් චිත්‍රය" තුලදී මෙන්ම "කුඩා චිත්‍රය" තුලදීද ලෙසට හඳුනා ගත හැකි අපමන දෑ අතරින් තොර බේරා ගත් අපූර්වතම තොරතුරු අහුරක් පෙල ගස්වන  නිකුතුවක පිලිබදව වූවේ දැඩි ඉලක්කයකි. ඒ වෙනස් මගක් ගත යුත්තක් ලෙසට හදුනගෙන තිබුනේද හේතු බොහෝ ඇතුවය. උදාහරනයක ලෙසට ඔබගේ යතුරු පුවරුවේ යතුරු සංකලනයක් මෙහෙයවා ලබා ගත හැකි ප්‍රථිපලයක් පිලිබදව දැනුවත් වූවද එම තාක්ශනික රාමුවෙන් ඔබ්බෙන් වන එහි ප්‍රථිපල පිලිබදව අනවබෝදය බර පතල ලෙසට තොරතුරු ජීවිතයට බලපාමින් ඇති බවට හඳුනා ගෙන සිටියකි. තවදුරටත් තොරතුරු ලෝකය හුදු තාක්ශනික සගයෙක්ම පමනක් නොවේ. එය ජීවිතයේ දෛනික කටයුතු සගයෙකුම පමනක් නොව ජිවිතයේ සමහර අංගයන් සදහා නව අර්ථ ගෙනදෙමින් ජීවිතය වෙනස් කරමින් සිටින අංගයක්ද බවටද හැදී වැඩී අහවරය යන්න පිලිගෙන එයකෙරෙහි වූ භෞතික අර්ථ මතට සාමාජීය , සංස්කෘතික අර්ථ ගෙනෙන්නට කාලය පැමින ඇත. මේ උත්සාහය එවන්නකට අඩු තරමින් ආරම්භයක්වත් ලබා ගන්නටය.
                                    බිහිවන සෑම උපාංගයකටම , සේවාවකටම බලාපොරොත්තුවන භාවිතාකරන්නෙකු සිටී. සැම විටකම එම ප්‍රමිතිගත භාවිතාකරන්නා නොපැමිනීම ස්වභාවික වුවද ඔවුනගෙන් බහුතරයක් වත් එම ප්‍රමතිය තුල නොවුන විට තත්වය භයානක වෙයි.එවිට එම අංග පැමින ඇති කාරනාවෙන් පරස්පරවූ ප්‍රථිපල දෙමින් ඒවා දෙසට වැරදි චිත්‍රයක් ලබා ගනී. අප බලාපොරොත්තුවන එම ධනාත්මක වර්ධනය ස්වංක්‍රීයව සිදුවන්නක් නොවේ. එහෙත් එම ක්‍රියාවලිය වෙත අසංවෙධී වෙමින් අවිංඥානිකව සිදුවෙන්නට ඉඩ හැරිය හැකිය. එය කල් ගතවන මෙන්ම වැරදීම් බහුල විය හැකි පියවරකි. තත්වයවඩාත් සවිංඥානිකව හදාරමින් අත්පත්කර ගත් යුතු වර්ධනයන් ලගා කර ගැනීමට උත්සාහ කිරීම වඩාත් ඵලදායී වනු ඇත. එය මිළ අධික උපාංග පිලිබදව ගැටලුවක් නොවේ. එය නවීනතම උපාංගය භාවිතයට නැතිවීම  පිලිබදව ගැටලුවකද නොවේ. එය එම උපාංග සමග ගනුදෙනු කරන ආකාරය පිලිබදව ගැටලුවක් වේ. වඩාත් විධිමත්ව ඒව සමග කටයුතු කරමින් වඩාත් ඵලදයී භාවිතාවක් ඒවායින් ලබ ගැනීම පිලිබදව ජාරනාවක් බවට එය පත්වේ. පෞද්ගලික අර්ථයෙන් මෙන්ම සමාජීය අර්ථයෙන්ද වඩාත් ඵලදායී ලෙසට තොරතුරු ලෝකය අපගේ ජීවිත තුලට පැමිනෙනවාද නැද්ද පිලිබදව ගැටලුවක් බවට එය පත්වේ.
                එලබෙන සඳුදා සිට නිකුත්වන්නට සැලසුම්ව ඇති මෙම "පරිගණක පුවත්" සඟරාවේ පලමු ඉලක්කය මෙම කාරනාවට හැකි පමන දායකත්වයක් ලබා දීමය. නමුත් සමහර විටකදී සමහර කාරනා ගැන වැරදි හැගීමකට ගොඩ වීම පහසු විය හැක. උදාහරනයක ලෙසට පසුගිය කාලයේ IE වල බරපතල මට්ටමේ දුර්වලතාවයක් හදුනාගත් ඇමරිකානු රජයේ අදාල ආයතනයක් ප්‍රකාශ කර සිටියේ ගැටලුව විසදෙන තුරු IE භාවිතාවෙන් ඉවත්ව සිටීම වඩාත් සුදුසු බවකි. මෙම සටහන Blog අඩවිය තුල සිංහලෙන් පලකිරීමේ අරමුන පිලිබදව විමසා සිටියහ. එයට පලමු හේතුව වූවේ අන්තර්ජාලය තුලදී මතුවන ගැටලු සදහා දේශසීමා සීමා නොවීමයි.දෙවැන්න නම් මෙවැනි ගැටලු සදහා සංවේධීව සිටින්නට තරම් ලොව සමහර රජයන්ට සිදුවන ආකරයේ වර්ධනයක් මෙම විෂයන් අත්පත්කර ගෙන ඇති බව කියා පාන්නටය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...