2014-02-02

තොරතුරු දිවිය සුරක්ශිත කරන්නට පැමින ඇති නව උපාංග

   පසුගිය දා පැවති ප්‍රදර්ශනයකදී පරිගණක උපාංග භාවිතාකරන්නන් වෙතට තම උපාගවල ආරක්ශාව තහවුරු කර ගැනීම සදහා භාවිතයට ගත හැකි නව උපාංග කිහිපයක්ම ඉදිරිපත් කොට තිබුනා. යම යම් ආයතනයන් විසින් තමන්ගේ වෙළඳ නාම යටතේ නිකුත්වන දත්ත උපාංග සදහා සම්බන්ද කිරීම් සහිතව ඉදිරිපත්ව තිබූ මෙම උපාංග සමග පැමින තිබූ තාක්ශන උපංක්‍රම හා යොදාගැනීම් විදි හදාරන්නන්  අතර මහත් අවධානයට ලක්වනු ලැබුවා. එවා අතර වූ biometric technology ක්‍රියාකාරීත්වයක් පැමින තිබූ fingerprint scanner ය ඇපල් ආයතනය විසින් ඉදිරිපත් කොට තිබුනා.එය iPhone සමග එනු ඇති බවටයි දක්වා තිබුනේ. එහෙත් Fujitsu ආයතනයෙන් ඉදිරිපත් කොට තිබූ  vein-recognition PulseWallet ඉදිරිපත්කිරීම අවධානය දින ගත් එකක්ව තිබුනා.
                               
  තවත් අවධානය දිනාගත් උපාංගයක් වූවේ EyeLock වෙතින් පැමින තිබූ නිශ්චිත දුරක සිට ස්කෑන් කොට ඔබගේ ඇස පිරික්සීම ඔස්සේ අනන්‍යතාවය තහවුරු කර දේ උපාංගයක් වූවා. ට්‍රිලියන 2.25කට එකක් සමාන වන ආකරයේ irises සැසදීම ඔස්සේ එම උපාංගය භාවිතාකරන්නාගේ අනනයතාවය තහවුරු කරන්නට සමත්වන බවටයි පැවසුනේ.
  තවත් ආයතනයක් ඉදිරිපත් කර තිබුනේ bracelet ආකාරයේ පකශනාවක් ඔස්සේ භාවිතාකරන්නාගේ හද ගැස්ම ඇසුරින් ඔහුගේ අනන්‍යතාවය ලබා දෙන උපකරනයකුයි.Bluetooth ආකාරයට උපකරන හා සම්බන්දව ක්‍රියාත්මක වෙමින්  නිරන්තරයෙන් භාවිතකරන්නාගේ අනන්‍යතාවය ලබාදෙන අයුරින් එම උපකරනය නිමවා තිබුනා. තවත් ඉදිරිපත් කිරීමක වූවේ veins අනන්‍යතාවය තහවුරු කරගැනීම සදහ එය near-infrared light ආකාරයට පිරික්සීම වූවා.

    මීට අමතරව Motorola වෙතින් පැමින තිබූ  "password pill" සමන්විතව තිබුනේ microchip එකක් හා battery එකක් සමගයි.භාවිතාකරන්නාගේ කුසතුලදී stomach acid ඔස්සේ එය සංක්‍රිය වන අතර radio signal ඔස්සේ උපාංගය වෙතට භාවිතාකරන්නාගේ අනන්‍යතාවය ‍රැගෙන එන්නට සමත්වනු ඇති බවටයි දක්වා සිටියේ.




AI මූලික Search Engines

AI වෙතට වන වන අවධානය නෙක තොරතුරු අවකාශ මත කැපී පෙනෙමින් තිබේ. search engine වලට AI සංයුත්ත වීම් ක්‍රමයෙන් අවධානය ලබා ගන්නා කරුනක් වෙමින් ඇති...