මෙම මාසය මුල්භාගයේ ෆේස්බුක් ආයතනයට එරෙහිව ඇරබුනු නඩු කරයුත්තකින් ජෝදනා ලබා ඇත්තේ තම භාවිතාකරන්නන්ගේ පෞද්ගලික පනිවිඬ අනවසරයෙන් පිරික්සමින් එවායේ තොරතුරු රැස්කරන බවටයි. වෙළඳ දැන්වීම් කරුවන් සදහා බෙදා හදා එම දත්ත ගැනීම සදහා භාවිතාකරන බවට චෝදනා එල්ල වූ අතර එවායේදී වැඩි දුරටත් එල්ලවූ චෝදනා අතර භාවිතාකරන්නා තම පනිවිඩය තුල වෙබ් අඩවියක් සදහන් කල විට එයද පිරික්සමින් එම පනිවිඬය ලබන්නාගේ පෞදගලික දත්ත ගොනුවට එයත් ඇතුලත්කර ගන්නේ ඔහුගේ කැමතීන් අතරට එයත් ඇතුලත්කරමිනි. ආයතනයේ marketing algorithms වඩාත් සූක්ශමව ක්‍රියාකරවා ගැනීමට මෙම දත්ත භාවිතාකරමින් වෙළඳ දැන්වීම් ඔස්සේ වඩාත් ලාභ ඉපයීමට ඒවා යොදාගන්නා බවටයි එහිදී චෝදනා ලබන්නේ. ෆේස්බුක් ආයතනය දෙසින් පලවන අදාහ්ස් වලින් පැවසෙන්නේ මෙම චෝදනාව අර්ථයෙන් තොර එකක් බවත් ආයතනය ශක්තිමත්ව මෙම නයිතික විමසීමට මුහුන දීමට සූදානම් බවත්ය. එම චෝදනාව එල්ල කරමින් අධිකරනයෙන් ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාවන් නතර කරවන්නට පියවර ගන්නා ලෙසත් හානි පැමිනවූ භාවිතාකරන්නන් වෙතට වන්දියක් ලබා දෙන ලෙසත්ය. Silicon Valley companies අතරට මෙවැනි චෝදනා ලැබීම් සුලබ වෙමින් ඇති අතර පසුගිය කාලයේද ගූගල් ආයතනයට එරෙහිව gmail භවිතාකරන්නන්ගේ තොරතුරු අනවසරයෙන් රැස්කරගන්නා බවට චෝදනාවක් එල්ල කර තිබුනා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...