2013-10-24

"Grand Theft Auto V." හි PC සංස්කරනය වෙනුවට ආසාධිත බව ලබා ගත හැක.

  පරිගණක ක්‍රීඩා කරන්නන් අතර මහත් ප්‍රසාදයට පත් ක්‍රීඩාවක් ලෙසට "Grand Theft Auto " ක්‍රිඩා මාලාවේ මීලග සංස්කරනය එනම් "Grand Theft Auto V."  හි PC සංස්කරනය නිකුත්වීම තවමත් නිල ලෙසට සිදුව නැති අතර පසුගිය කාලයේ පර්තිර ගිය නිවේදනයකින් පැවසුනේ ඉදිරියේ එම සංස්කරනය සිදුවන්නට බෙහෙවින් ඉඩ ඇති බවකි.එහෙත් භාවිතාකරන්නන් අතර මහත් ඉල්ලුමක් ඇති මෙම ක්‍රිඩවේ නොනිල සංස්කරනයක් බාගත කර ගැනීමේ හැකියාවක් පිලිබදව නෛතික නොවන වෙබ් අඩවියක ලිපිනයන් සමග පල වන්නට වූවා. මේ  වන විට පලවන වාර්ථා පවසන්නේ එම GTA V PC  සංස්කරනය නමින් සාර්ථකව මැල්වෙයා බාගතකිරීම් වලට ගොදුරුවූ භාවිතාකරන්නන්ගේ සටහන් අන්තර්ජාලය වෙත ලැබෙමින් ඇති බවකි. ගිගා බයිට 18 ක ගොනුවක ලෙසට torrent sites ඔස්සේ ලබා ගන්නට හැකි බවට පසුගිය සතියේ පැතිරුනු තොරතුරු ඔස්සේ උත්සාහ කල භාවිතාකරන්නන්ගෙන් මෙම  සටහන් වැඩි යෙන්ම යොමු වෙමින් පවතින බවටයි සටහන් වන්නේ. මෙම ගොදුරුවීම් අතර ආසාධිත පරිගණකවලින් භාවිතාකරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීමේ සිට විවිධ ආකාරයේ ගන්නා බවටයි දැක්වෙන්නේ. මෙම ක්‍රිඩාවේ නිල PC සංස්කරනයක් 2014 වසරේ පලමු කාර්තුවතුල නිකුත් වනු ඇති බවටයි දැනට බල පොරොත්තුවන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...