2013-10-23

ඇපල් වෙතින් නව පරම්පරාවේ iPad නිකුතුවක්!!!!

  ඊයේ පැවති හමුවේදී ඇපල් ආයතනය නව පරම්පරාවේ iPad නිකුතුවක් කරන්නටද කටයුතු කොට තිබුනා. හතරවන පරම් පරාවේ 9.7" tablet උපාංගයක් ලෙසට පැමිනෙන මෙම උපකරනය මිලිමීටර් 7.5 ඝනත්වයක් හා 1 Pound බරකින් යුතුව පැමින ඇති බවටයි පැවසුනේ.එය පෙර සංස්කරන හා සැසදීමේදී 20%ක සිහින් බවක් හා 28%ක සැහැල්ලු බරක් සහිතව නිමවී ඇති බවටයි පැවසෙන්නේ.retina  ඩිස්ප්ලේ එකක් සමග හා 64-bit A7 processor  සමග නිකුත්ව ඇති මෙම නව නිකුතුව පලමු iPad සමග සැසදීමේදී 72 වරක් වේගයෙන් වැඩි බවක් හා CPU වේගය 8 ගුනයක වැඩි වීමක් සමග වන බවටයි ඔවුන් පවසා සිටින්නේ.මෙම නව උපකරනය සමග පැමින ඇති අනෙකුත් අංගයන් සැලකීමේදී antennas දෙකක් ඔස්සේ වැඩි දත්ත හුවමාරුවක සූදානම්ව තිබීමත් dual microphones  මෙන්ම පැය 10ක බැටරි කාලයත් සදහන් වනවා.මයික්‍රසොෆ්ට් ආයතනයේ Surface 2 ඉලක්ක කොට ගෙන පැමින ඇති මෙම උපකරනය 16 GB මතකයක් හා Wi-Fi මෝස්තරය ඩොලර් 490 කට මිලව  පවතිනවා. මෙම නව iPad නිකුතුව නොවැම්බර් පලමු වනදා සිට නිකුත්වන්නට නියමිත බවටයි ප්‍රකාශවන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...