කෙමෙන් දැඩිවන හිරු කෙඳි කාර්යාල භූමියේම මදක් දුරින් ඇති විශාල නුගරුකෙහි අතු පතරින් රිංගා යමින් මිහිතලය සිපගන්නා විට මැවෙන්නේ සිත්ගන්නා අපූරු රටාවන්ය. ගබඩා භාරකරුගේ මද පමාව ඔස්සේ මදක් එදෙසට ඇවිද යන්නට සිත පෙලබේ. පෙර කී දේශකයා තොරතුරු තාක්ශනය හා පුද්ගල හා සමාජ යාන්ත්‍රන අතර තිබූ නොහැදූරුනු අවකශය පිලිබදව වඩාත් විනිවිද යන මතවාද කිහිපයක්ම පලනුවෙන් ලොවට හෙලි කල විද්වතෙකු වූවාය. මිනිසා භාෂා අත්පත්කර ගැනීමෙන් පසුව මිනිස් වර්ගයා අත්පත්කර ගත් වඩත්ම තීරනාත්මක හැකියාව තොරතුරු තාක්ශනය බව ඔහුගේ මතය විය. විටක භාෂවටත් වඩා තියුනු ලෙස මිනිස් ජීවිත විනිවිද යමින් එය මිනිස් වර්ගයා වෙතට සේවයක් ගෙනෙනු ඇති බවට අදහස් පල කොට සිටියාය. " ඔබ ඔබගේ විෂය සීමාව ඉක්මවා යන්නෙකි" දේශයනය අවසානයේ විමසුම් යොමුකරන අවස්ථාවේදී අපගේ විශ්වවිද්‍යාලයේම කනිෂ්ඨ ආචාර්ය වරයෙකු උපහාසාත්මකව ප්‍රශ්න කොට සිටියාය. සරල පාවහන් යුගලක් හා මද අවපැහැගැන්වුනු ඇඳුමකින් සැරසී සිටි එම දේශකයා සුපුරුදු සරල මුත් තියුනු වදන් වැලකින් පිලිතුරු දුන්නාය. "මට ඔබගේ උගත්කම් පිලිබදව වන ඔප්පු තිරප්පු වැනි හිමිකම් වලින් එතරම් තේරුමක් නැහැ. මම නිදහසේ ඇවිද යන්නෙක්. හැබැයි ඔබ මා වැරදි බව පැහැදිලි කරන හැම වාරයක් පාසාම මම ඔබට ගරු කරනවා. මන්ද ඒ හැම වාරයකදීම ජීවත් වන්නට අරමුනු ගෙන එනවා. හැබැයි ඔබතුමාට මම පෙර කීවා සේ දැනුම පිලිබදව ඔප්පු තිරප්පු වල මානය මට අදාල නැහැ. තවත් පැහැදිලි කලහොත් දැනුම හා අවබෝදය පිලිබදව මගේ මානය ඔබගේ මානයන් වලට වඩා වෙනස්. කොටින්ම ඒවා එකි නෙන හමුනොවන තරම් වෙනස්". ඔහු අපූරු මිනිසෙකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...