2014-01-31

Anti-Malware 2.0 වල Beta සංස්කරනයක්!!!!

  කාලයත් සමග පරිගණක භාවිතාව වඩාත් සංකීර්න වෙමින් ඇත. දෛනික ජීවිතයේ සහයකයෙකු ලෙසට මෙනම වෘතීය ජීවිතයේ සහයකයෙකු ලෙසට පමනක් නොව විනෝදාත්මක ජීවිතයට එය බොහෝ දේ ගෙනවිත් ඇතුවා සේම නවාංග බොහොමයක්ම ගෙනෙමින් ඇත. අවාසනාවට කාරනාවක් වන්නේ මෙම නවදෑ සියල්ල්ම යහත දේම නොවීමය. පරිගණකයේ පැවැත්මට හානිකරන මෙන්ම එයින් තොරතුරු සොරා ගන්නා ක්‍රමවේදද දිනෙන් දින වඩාත් සංකීර්න මුහුනුවරක් ගනිමින් ඇත. විටක වඩාත් පිලිගත් ආරක්ශක මෘදුකාංගයක් පමනක් ස්ථාපනය කරගෙන සිටීමෙන් පලක් නොවන්නේ එය නිසි පරිදි යාවත්කාලීනව පවත්වාගෙන නොයෑමෙන්ය. ඔබ අන්තර්ජාලයට සම්බන්ද නොවීමේන් පමනක් සුරක්ශිත නොවන්නේ Pen Drives වැනි මාධ්‍ය හරහා පහසුවෙන් පැමිනෙන හානිකරයන් හදුනාගන්නට එම ආරක්ශක මෘදු කාංගය සමත්නොවීම නිසා විය හැක.
                     Anti-Malware මෘදුකාංගය යනු වඩාත් සංකීර්න malware හා spyware හඳුනා ගනිමින් ඒවා ඉවත්කරන්නට සහය වන මෘදුකාංගයකි. වඩාත් කාර්යක්ශමව හානිකරයන් පිරික්සීමේ යාන්ත්‍රනය මෙන්ම ඒවා ඉවත්කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතු බවටයි පිලිගැනීම වන්නේ.එම මෘදුකාංගයේ නොමිළේ භාවිතාකල හැකි සංස්කරනයක් වාගේම මිල්;අදී ගතයුතු සංස්කරනයක්ද ලබා ගන්නට හැකි අතර පහත දැක්වෙන සබදතාවය ඔස්සේ මිලදී ගත යුතු සංස්කරනයේ බීටා නිකුතුවක් නොමිලේ භාවිතාකිරීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. මෙම සම්පූර්න සංස්කරනයේ බීටාව සමග real time ආකාරයට ආරක්ශාවද ලැබෙන අතර පෙර සැකසුම් අනූව විටින් විට ස්වංක්‍රීයව පිරික්සීමත් යාවත්කාලීන වීමත් ලබාගන්නට භාවිතාකරන්නාහට හැකිවනු ඇත. 
id: MBAM2BETA
key: 4XZHE-6ANRN-TKWCV-EV6HZ-G79PH

http://data-cdn.mbamupdates.com/v2/mbam/consumer/data/mbam-setup-consumer-2.00.0.0502.exe

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...