2014-01-24

Internet of Things ක්‍රීඩා ලොවටද නොමසුරු බලපෑමක් ගෙනේවි!!!

  Internet of Things යනු තොරතුරු ලෝකයේ මීලග විනිවිදයාම ලෙසට දැනටමත් සටහන් වෙමින් ඇත. ක්‍රමයෙන් භාවිතාකරන්නා මූලික ලෝකයක සිට දත්ත හැකියාව ඇති උපාංග ස්වාධිනව එකිනෙකා සම්බන්ද වෙමින් තොරතුරු හුවමාරු කරගන්නා අතර භාවිතාකරන්නා වෙතට අවසාන විශ්ලේශනයන් සමග වඩාත් වැදගත් තොරතුරු පමනක් ලැබීම එහි අවසාන තලය වනු ඇති බවටයි පැහැදිලි වෙමින් ඇත්තේ. උදාහරනයක ලෙසට ක්‍රීඩා අවකාශයට මෙම Internet of Things පිවිසීම සමග ක්‍රීඩා පිති , පන්ඳු මෙන්ම ක්‍රීඩකයින්ගේ අව්ඳුම් පැලදිම් වලට සවිවන sensors  ඔස්සේ වඩාත් නිවැරදි හා පැහැදිලි තොරතුරු ලබා ගන්නට හැකි වන අතර 3-D visualizations වැනි හැකියාවන් ඔස්සේ තමන්ට තම හැකියාවන් මෙන්ම දුර්වලතාවයන් නැවත් ප්‍රථිරූපනය කර ගනිමින් ඒවා සකස් කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
                      හදාරන්නන් පැහවෙදිලි කරන්නේ ග්‍රැම් 6ක අමතර උපාංග ලෙසට එම උපකරනයට එකවන accelerometers දෙකක් සමග පැය 6ක් පුරාවට බ්ලූටූත් සබදතාවයක් ඔස්සේ බාහිරට තොරතුරු ලබාදීමේ සබදතාවයක් පවත්වාගෙන යන්නට හැකිවන අතර ඒ ඔස්සේ එම පිත්තේ වේගය මෙන්ම කෝනයන් ඇතුලු තොරතුරු ලබා දෙන්නට හැකිවනු ඇති බවටයි පැවසෙන්නේ. ක්‍රීඩකයෙකුගේ පාවහන් යුවලක් , අත් පැලදුමක් වැනි බොහෝ උපංග ඔස්සේ වඩාත් සියුම්ව දත්ත ලබා ගන්නට මෙන්ම ඒවා විස්ලේෂනය කොට වඩාත් සුපිරි තත්වයකට ලංවීමේ හැකියාවක් මෙම නව ප්‍රවනතා ගෙනෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...