2014-01-24

RAM මතක භාවිතය

  Ram පත් භාවිතය පරිගණකයක තවත් තීර්නාත්මක සාධකයකි. පරිගණකයේ ප්‍රොසෙසර බලය මෙන්ම මෙම ‍රැම් පත් බලයද එහි වේගය , නම්‍යතාවය සදහා තීරනාත්මකව බලපානු ඇත.වින්ඩෝස් XP නැතිනම් ඊට පෙර මෙහෙයුම් පද්ධති සංස්කරන භාවිතයේදී 256MBහෝ 512MBරැම් පතක් සැහෙනද මේ වන විට සාමන්‍ය මට්ටමේ පරිගණකයක් සදහ 4BG ‍රැම් බලයක් මෙන්ම High-endමට්ටමේ පරිගණකයක් සදහා 16MBදක්වා ‍රැම් බලයක් සමග පැමිනෙනු දැකිය හැකිය.මෙහෙයුම් පද්ධති මෙන්ම ධාවනය කරවන මෘදුකාංග සංස්කරන සංකීර්න වන්නට වන්නට අවශ්‍ය වන ‍රැම් බලය වැඩි වන අතර එසේ අවශ්‍ය වන ‍රැබ් බලය නොලැබෙන විටද පරිගණකයේ වේගය අඩාල වනු හෝ සිරවන ස්වභාවයක් ගන්නා බව දැකිය හැකිය.
               පරිගණකයේ ධාවනය වන මෘදුකාංග සදහා අවශ්‍ය වන ‍රැම් බලය නැතිවන විටදී ‍රැම්පත් හ සැසදීමේදි වේගය ඉතා අඩු දෘඩ තැටිය දෙසට යොමුව එයින් කිසියම් අවකාශයක් ලබා ගන්නට පරිගණකයන් ක්‍රියා කරන අතර එසේ දෘඩ(Hard Disk)මත නිර්මානය වන තාවකාලික අවකාශය Vitural Memory ලෙසට නම් කෙරේ. වේගය සැලකීමේදී විශාල පරතරයක් ඇති මෙම භාවිතාව සමග පරිගණකය බෙහෙවින් අඩු වේගයක් ගන්නා අතර මෙසේ තැන්පත් වන ගොනු වලට swap file කියාද භාවිතාවනු දැකිය හැකිය. එනම් ram ඉඩකඩ අවශ්‍ය විටකදී දෘඩ තැටියටද නැවත එම ගොනු භාවිතාවට අවශ්‍ය විටකදී Ram මතකයටද එම ගොනු හුවමාරු වීම නිසාවේ. දෘඩතැටිය හා සැසදීමේදී ‍රැම් මතකය ඉහල මිලක් ගන්නා නිසා  මෙන්ම එය තාවකාලික මතකයක් එනම් පරිගණකය වෙතට බල සැපයුම අවසන් වන වහාම මැකීයන මතකයක් ලෙසටද මෙම ‍රැම් මතකයන් සැලකේ. දැනට බහුලව භාවිතාවන  mechanical දෘඩ තැටි වෙනුවට පැමිනෙමින් ඇති SSD ස්තීරමතක භාවිතාවත් සමග තරමක් දුරට මෙම වේගයන් අතර අරතරය අවම වූවද(600 MB/sec) දැනට භාවිතාවන DDR3 ‍රැම් මාතකය සමග සැසදීමේදී (10GB/sec) ලෙසට තවමත් සැලකිය යුතු වෙනසක් දක්නට ලැබේ. මෙසේ වැඩි ‍රැම් ප්‍රමානයක් පරිගණකයේ භාවිතාවීම සමග vista හා ඉන් පසුව මෙහෙයුම් පද්ධති සමග පැමිනි තවත් පහසුකරවන භාවිතාවක් වන මීලගට භාවිතා වෙනු ඇතැයි බලාපොරොත්තුවන වැඩසටහන්  ‍රැම් පත වෙතට පෙර නංවාලීමේ හැකියාව ආදී මෙන්ම නිරන්තරයෙන් අවශ්‍ය වන ආරක්ශක වැඩ සටහන් ආදිය පැකිලීමකින් තොරව පවත්වා ගෙන යාමට පරිගණකයට සහයක් වනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...