2014-01-27

වින්ඩෝස් 8 තුල ඔබගේ පෞද්ගලිකත්වය සුරකින සැකසුම්.


     ඔබ බාගතකර ගනු ලබන app ක්‍රියාතමක වීමේදී පරිගණකය තුල තැන්පත්ව ඇති ඔබගේ පෞද්ගලිකත්ව තොරතුරු භාවිතා කිරීමේ හැකියාවක් එයට ලැබීම සමහර විටකදී එයට ලැබේ. බොහෝ විට මෙම අවසරය එම app සදහා විවෘතවන්නේ හුදු ඔබගේ තොරතුරු සොරා ගැනීමේ අටියෙන් නොවන අතර එම app වල නිවැරදි ක්‍රියා කාරීත්වයට ඒවා අවශ්‍ය නිසා විය හැක. එනම් වඩාත් නිවැරදිව එම app සමග සේවාවක් ලබන්නට නම් ඔබ සිටින ස්ථානය ඔබගේ භාෂාව ආදිය වැදගත් වනු ඇත. වින්ඩෝස් 8 භාවිතාකරන ඔබට අවශ්‍ය නම් මෙලෙස ඔබගේ තොරතුරු භාවිතාවීම පාලනය කිරීම සදහා පහසුකම් එම මෙහෙයුම් පද්ධතිය සමගම පැමින තිබීම වැදගත් අවස්තාවකි. පහත දැක්වෙන ලෙසට ඔබට අවශය නම් ඒම සැකසුම් වෙනස් කිරීම තුලින් ඔබගේ තොරතුරු එම app සදහා නිරාවරනය වීම සීමා කර ගන්නට හැකි වනු ඇත.
                                                මේ සදහා ඔබගේ වින්ඩෝස් 8 පරිගණකයේ ටයිල් ස්ක්‍රීනය වෙතට පිවිස දකුනු පසින් ඇති චාර්ම් බාරයේ  යටින්ම වන settings ක්ලික් කොට විවෘතවන කවුලුවේ යටින්ම වන change the setting යන්නට පිවිසිය යුතුයි. මෙම තිරයේ වම් පසින් වන privacy යන්න ක්ලිච්ක් කල විට විවෘතවන කවුලුවේ ස්වංක්‍රීයව ඔබගේ තොරතුරු app සදහා විවෘතවීමේ සැකසුම් දැකිය හැකි අතර එහිදී ඔබ සිටින ස්ථානය , ඔබගේ ගිනුම් ඡායාරූපය මෙන්ම ඔබ යනෙන url තොරතුරු වලට ඉදිරියෙන් ඇති on/off ඔස්සේ පාලනය කිරීමේ හැකියාව ලැබෙනු ඇත. භාවිතාකරන වින්ඩෝස් 8 සංස්කරන අනුව මෙහි වන අවස්ථා වෙනස් විය හැකි අතර SmartFilter නම් තේරීම හැරෙන්නට අනෙකුත් තේරීම් අවශ්‍ය පරිදි වෙනස් කිරීම වැදගගත් විය හැක. පෙර කී smartFilter off නොකල යුත්තේ ඔබගේ IE බ්‍රවුසරය ඔස්සේ අනවශ්‍ය හනීකර දෑ බා ගත වන්නට හෝ ස්ථාපනය වන්නට බ්ලොක් කිරීමක් එහිදී සිදුවන බැවිනි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...