2014-01-26

දකුනු කොරියාව 5G සදහා කඩිනමින් සූදානම් වෙමින් ඇත....

  දකුනු කොරියාවෙන් වාර්ථාවන්නේ මොබයිල් සබදතාවේ මීලය යුගයට පිවිසෙන්නට තමන් සූදානම් බවකි. පස්වන පරම්පරාවේ(5G) ජංගම සබදතා යුගය ගැන කථාකරන ඔවුන් ඩොලර් බිලියන 1.7 ක ඉදිරි සැලසුමක් මේ වන විට සූදානම් කර ඇති බවටයි හෙලි කර සිටින්නේ. සරලව 5G හැකියාව පැහැදිලි කරන්නට නම් පූර්න සිනමාපටයන් තප්පරයකදී බාගතකර ගැනීමේ හැකියාව උදාහරනයක් වනවා. මොබයිල් සබදතා තාක්ශනයේ අතීතය පැහැදිලි කරන ඔවුන් 1990 දී 2G , 2000 දී 3G , 2010 දී 4G ලෙසට දක්වන අතර මේ වන විට 5G යුගය සදහා පිවිසෙමින් සිටින බවටයි පැහැදිලි කර සිටින්නේ. 2017 වන විට 5G භාවිතාව ආරම්භ වීමටත් 2020 වන විට එය වෙළඳ පොලට නිකුත්කරන්නටත් සැලසුම් ව ඇති බවටයි වැඩි දුරටත් පැහැදිලි කර සිටින්නේ. එරට සැම්සොන් ආයතනය ලොව මොබයිල් උපාංග භාවිතාවෙන් 30%ක භාවිතාවක් හිමිකර ගෙන ඇති අතර  Huawei 26% ලෙසට සටහන් කරන්නට 2012දී සමත්ව තිබෙනවා.
                 Samsung පසුගිය වසරේ  ගිගා බයිට් එකක වේගයකින් දත්ත හුවමාරු වේගයක් කිලෝමීටර 2ක් තුල සම්ප්‍රේක්ශනයක් කරමින් සර්ථක අත්හදා බැලීමක නිරතවූ අතර 4G ඔස්සේ තප්පර 40ක් ගන්නා මෙගී බයිට්800ක ගොනුවක් 5G ඔස්සේ තප්පරයකදී හුවමාරුවට හැකිවීම ඔස්සේ තොරතුරු ලෝකය වෙනත්ම හැඩයක් ගන්නා බවටයි බලාපොරොත්තුව පලවෙමින් ඇත්තේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...