2014-01-30

Wi-Fi සමග එන SD පතක් (Eye-Fi)!!!

  ඔබ කැමරාවෙන් ලබා ගන්නා ඡායාරුව පහසුවෙන් වෙබ් අවකාශයට නංවන්නට සහයවන SD මෙමරි පතකක් පිලිබදව කියවෙනවා. එනම් මොබගේ ඩිජිටල් කැමරාව PC එකකට සම්බන්ද නොකරම එම ඡායාරුව ලබා ගත සැනින් Wi-Fi සබදතාවය සමග එන Eye-Fi Mobi සමග ‍රැහැන්රහිතව ඔබගේ ස්මාට් පෝන් වල ඇති ඇප් එකක මාර්ගයෙන් ක්ශනිකව වෙබ් අවකාශයට යවන්නට හැකිවන බවටයි පැහැදිලි කර සිටින්නේ. සාමන්‍ය SD  පතක මෙන් ඔබ ලබා ගන්නා ඡායා රුව එහි තැන්පත් කර ගන්නවාට අමතරව එම SD පතටම සම්බන්දව පැමිනෙන Wi-Fi සබදතාවය ඔස්සේ ස්මාර්ට් දුරකථනයේ ඇති Eye-Fi app වෙතටද පිටපතක යැවෙන අතර ස්මාර්ට් දුරකථනයේ ඇති ඡායාරූ විමසමින් අවශ්‍ය ඒවා එම app සහයෙන් සමාජ ජාලාවකට හෝ වෙනත් අඩවියකට පහසුවෙන් යැවිය හැකි වනු ඇති බවටයි සටහන් වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...