2014-01-23

වින්ඩෝස් 8.1 සදහා මීලග යාවත්කාලීනය පිලිබදව තොරතුරු...

  වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා පැමිනෙන මීලග යාවත්කාලීනය පිලිබදව මේ වනවිට නිල නොවන තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. එසේ පැමිනෙන නවතම තොරතුරු සටහන් හෙලි කර සිටින්නේ මීලග යාවත්කාලීනය සමග modern apps ටාස්ක් බාරය වෙතට pinning හැකියාව පැමිනෙනු ඇති බවයි. මේ බව තහවුරු කෙරෙන තොරතුරු කිහිපයක්ම මීට පෙරම නිකුත්වූ අතර මයික්‍රසොෆ්ට් ආයතනය තම මීලග යාවත්කාලීනය සමග modern හා classic ආකාරයේ desktop එකි නෙක මුසු කිරීම සිදුවෙනු ඇති බවටයි පැවසෙමින් තිබුනේ. ඒ අනූව මොඩර්න් ඇප්ස් වින්ඩෝස් ඩෙස්ටොප් එක මත ධාවනය වෙමින් ස්පර්ශක තිරමය නොවන භාවිතාවන් සදහාද සමබර සහයක් දක්වන මෙහෙයුම් පද්ධතියක් බවට  පත්වීමේ ස්වරූපයක් ගනු ඇති බවටයි බලාපොරොත්තුව වූවේ. දැනට  වාන් බලාපොරොත්තුව වන්නේ වින්ඩෝස් මීලග යාවත්කාලීනය පිලිබදව තොරතුරු BUILD 2014 සමග ප්‍රකාශයට පත්වෙනු ඇති බව වන අතර වින්ඩෝස් 9 සංස්කරනය 2015 මැද භාගයේ නිකුත්වනු ඇති බවත්ය.
 




 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...