2013-10-03

Nexus 5 මෙමස අවසානයේ වෙළඳ පොලට.....

  පසුගිය කාලයේ Nexus 5 පිලිබදව පැතිර තිබුනේ එත් නරම් සුබදායී පුවත් නොවීය. විටක පැවසුනේ LG ආයතනය Nexus 5 නිෂ්පාදනයෙන් බැහැර වනු ඇති බවටත්ය. අවසානයේ මේ වන විට ගූගල් ආයතනය නිවේදනය කර සිටින්නේ Nexus 5 මෙම මාසය තුලදී නිලලෙස නිවේදනය වන්නට නියමිත බවත් හා මෙම මාසයේ අවසාන සතිය වන විට එය වෙළඳ පොලට නිකුත් කරන්නට සූදානම් වෙමින් ඇති බවකි. තවමත් නිශ්චිතව දිනයක් නියම නොවුනද පලමු නිකුතුව  UK වෙතට නිකුත්වන්නට නියමිත බවත් එය £275  ලෙසට මිල වනු ඇති බවටත් නිවේදනය වනවා. ඉන් පසුව ක්‍රමයෙන් අන් රටවල් වල වෙළඳ පොලවෙත නිකුත් කිරීම ඇරබෙන බවටත් බලාපොරොත්තු වනවා
               නිල නොවන වාර්ථා වැඩි දුරටත් පවසන්නේ මෙම දුරකථනය  iPhone 5s වෙතට තරගකාරී පිවිසුමක් ලෙසට පැමිනෙනු ඇති බවට වන අතර එය 64GB ගබඩා හැකියාවක්ද සමග බලසම්පන්න ප්‍රොසෙසර් හැකියාවක්ද සහිතව පැමිනෙන්නට නියමිත බවයීසේම 4GB ‍රැම් බලයක්ද සහිතව පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම දුරකථනය "ඩෙස්ටොප්" ආකරයේ අත්දැකීමක් භාවිතාකරන්නා වෙත ගෙනෙන්නට හැකිවන බවටයි පැවසෙන්නේ.එසේම ඇන්ඩ්‍රොයිඩ් නව සංස්කරනය "KitKat" ස්ථාපිතව එය පැමිනීමේ හැකියාවක් ගැනද හදාරන්නන් අදහස් පලකරමින් සිටිනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...