"සැබෑ මිතුරන් හට කාලය එතරම් බාදකයක් නොවේ". ආදරනීය ටිබෙටියානු මිත්‍රයාගේ සටහන කිසි දිනක නොමැකෙන්නකි. වසර ගනනාවකට පසු ආශ්‍රමය සොයා නැවත එන ගමනේදී ඈත කඳු හෙල් අතරින් ආශ්‍රම කදුමුදුනත දකිත්ම ජීවිතයේ විඳි අපූර්වතම සටහන පෙල නවත අවඳිවන්නේ නිතැතිනි. කෙමෙන් නාගරික බවින් මිදෙමින් ගම්මානයට පිවිසෙන විටම සිතේ ඇතිවන සහනසීලී බව අපූර්ව ශාන්තියක්ව අතීතයේ විඳි නිශ්චල බවේ රස මුසු මොහොතවල් මනසේ අතීත ගබඩාවේන් අවදි වන්නේ නිරාසයෙනි. ඉද හිටක හමුවන ගැමියන් අතර සුපුරුදු සිනහවල් අතරින් පතර හමුවේ. දියුනුව වනාහි කෘතීම දෑ වලින් ජීවිතය වසා ගැනීම යැයි විස්වාස කරන නාගරික අර්ථයන්ට අනූව නම් මා මේ පසු කරමින් සිටින්නේ අලස මිනිස් පරිසරයකැයි උපකල්පනයක් කැදවනු සුලුය. දියුනු කල මනස ඔස්සේ තම පරිසරයේ දෑ අතරින් තොරා ගත් දේ සමග කල දියුනුව අනෙකුත් බොහොමයක් වූ සාමාන්‍ය මිනිසුන් සමග බෙද හදා ගන්නා ක්‍රම වේදය මෙහෙට අදාල නැතුවා සේය. මිනිස් පරිනාමයේ වැරදුනු ක්‍රියාවලියට අප අයත්දැයි සැක සිතෙන තරමේ අධ්‍යාත්මක දියුනුවක් ඔවුන් සිටින බවටනම් හේතු කාරනා මෙහි බොහෝය. සාමාන්‍ය අපගේ ජීවිත වරනගා ගන්නට භාවිතාවන ව්‍යාකරනයන් මෙ මිනිස් සාමාජයට අදාල නැතුවා සේය. ඔවුනගේ දියුනුව එකි නෙකාට එරෙහිව නොවීම අපූරු ශාන්තිමත් බවක් කාතුලටත් ගෙනෙන්නට දොරටුවක් මෙනි. මා විශ්වවිද්‍යාල සමයේදී සවන් දෙන්නට හැකිවූ ආරාධිත දේශනයක් මතකයට නැගේ. ආසියාතික විද්වතෙකු වූ ඔහු සංස්කෘතික ආගමින දේශපාලනික කාරනා සියල්ල තොරතුරු හා තොරතුරු සකසන වැඩසහන් වලට වඩා යමක් නොවේ යැයි පැහැදිලි කලාය. සමස්ථ ලොකයම තොරතුරු ගොනුවක් පමනැයි ඔහු යෝජනා කල සිටියාය. සිලිකන් නිම්නය මේ තොරතුරු බව වඩාත් ප්‍රායෝගිකව පැහැදිලි කල සිදුවීමක් බව ඔහුගේ අදහස විය.
දෙපා වාරුවට හිරුගේ දවස පරදවා ලන්නට නොහැකිය. දෙවන කඳු පෙල මුදුනතට යාන්තමින් ලගා වන්නට හැකි වුවා පමනී. සොබා දහමේ තවත් කාර්ය බහුල දවසක් නිමා වන්නට සූදානම් බව පවසන තද රතු පැහැති හිරු කිරන මඩල විසල් වසර ගනනක් වියැති රුක් ගොමු අතරින් ගලා එන්නට විය. කදු මුදුනත විශාල තැනි තලවේ බට හිර අන්තයට වන නිවසක ආගන්තුක කුටියකට අවසර ලබා ගන්නට තීර්නය කලෙමි.