2014-05-01

Windows 8.1 වලදී Bing සමග වඩාත් ස්මාර්ට් සොයුමක්!!!

  දෑ පහසුවෙන් සෙවීම මෙන්ම බෙදා හදා ගැනීමේ වඩාත් පහසුව පරිගණකය භාවිතාකරන්නා වෙතට ගෙනෙන සුව පහසුවන් ගෙන් ප්‍රධාන තැනක් ගනී. මයික්‍රසොෆ්ට් සමාගම වින්ඩෝස් 8 සමග ගෙන ආ වෙනස් කම් අතර මෙම කාරනාව ඉහලින්ම සදහන් වේ. පෙර සංස්කරන වලදී මෙන් වෙනම අංගයක් ලෙසට ගොඩ නැගුනු යාන්තරනයන් ලෙසට නොව සමස්ථ මෙහෙයුම් පද්ධතිය තුලටම එම බව පහසුවෙන් කාවද්දා එවන්නට ඔවුන් කටයුතු කර තිබිනි. මේ නිසාම සරලව තිරයේ වම් පසින් වන චාම් බාරය ඔස්සේ search මෙන්ම share පහසුව පරිගණකය තුලට මෙන්ම අන්තර්ජාලය දෙසට පහසුවෙන් විහිදෙන්නට සූදානම්ව සිටී. මයික්‍රසොෆ්ට් ආයතනය නිවේදනය කරන්නේ Windows 8.1 සමග දැන් වඩාත් smarter ආකාරයට සෙවුමක යෙදෙන්නට හැකි බවයි. වඩාත් පොදු කාරනාවන් සදහා වඩාත් ස්වාභාවික භාෂා යෙදුම් ඔස්සේ සෙයුම් වල යෙදෙන්නට මෙන්ම විටක නිවැරදි නොවන භාෂා යෙදුම් සදහාද ගැටලුවකින් තොරව  පිලිතුරු ගෙනෙන්නට මෙම දියුනු කිරීම් සමත් බවටයි ඔවුන් නිවේදනය කරන්නේ. උදාහරනයක ලෙසට "install a printer" නැතිනම් "my screen is to bright" වැන්නකදී help වැන්නක් දෙසට භාවිතාකරන්නා යොමු කරනවා වෙනුවට වඩාත් නිවැරදි මෙහෙයුම් පද්ධතියේ කොටස් වෙතට ඔවුන්ව යොමු කිරීම සිදුවනු ඇති බවටයි එම ආයතනය නිවේදනය කරන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...