ලංකාවේදී ඩිජිටල් භාවිතාව ගැන අප දකින අවමත වාද අතර ඉහලින්ම පවතින දෙයක් තමයි තාක්ශන දැනීම වැරදි විදිහට යොදා ගැනීම එම දරුවාගේ හෝ පුද්ගලයාගේ දක්ශතාවයක් ලෙසින් හදුනා ගන්නට උත්සාහ කිරීම.සමහර විට ලෝකයේ පවතින උපරිම දත්ත තාක්ශන උපකර අතින් ගත් මහත්වරු නෝනල බහුලව අපිට හමුවුනාට ඒ උපකරන සමග ගනුදෙනු කරන ආකාරයට අදාල සංස්කෘතිය ඇවිල්ලා නැද්දෝයි සමහර වෙලව අපට සැක හිතෙන තරමට මෙම ගැටලුව බර පතලයි. ඔබතුමාලට මම මෙහෙම කියන කොට එකපාරටම මගෙන් අහාවි ඇයි ඔය කියන දියුනු රටවල ඔය කියන අවභාවිතාවන් වෙන්නේ නැතිද කියලා.ඇත්ත.. සිදුවෙනවා. හැබැයි හරිම අඩු ප්‍රථිශතයකින්.වරක් අපි සහයෝගයෙන් වැඩකල අධ්‍යාපන සංයුත්ත තැටි නිශ්පාදන සමාගමක නිශ්පාදන බෙදාහරින කටයුතු වලදී අපි වෙළද මහත්වරුන් ගෙන් විතරන් නෙවේ සමහර තාක්ශන ගුරුතුමන්ලත් අයතා විදිහට දරුවන් මේවා කොපිකරමින් සිටීමෙන් වන්නේ එම ආයතන බිදවැටී නව නිශ්පාදන වෙලද පොලට නොපැමිනීම නෙවේද කියලා අහන කොට ඒ ගොල්ලෝ දූන උත්තරක් තමයි මොනව කරන්නද අපේ ලමයි හරි දක්ශයි කියලා. තාක්ශනික උපකරන අදාල මුදල ගෙවල පිටරටවලින් ගෙන්වා ගත්තට ඒකට අදාල සංස්කෘතිය නම් සල්ලි වලට ගන්න බැහැ.
(නන්නාදුනන දේශකයාගේ සටහන්.....)
(නන්නාදුනන දේශකයාගේ සටහන්.....)