2012-09-05

දත්ත උපකරනය සුරක්ෂිත භාවිතයකට....



ඔබගේ දත්ත උපකරන ආරක්ශා කරගැනීමේ ක්‍රියාවලියේදී ඉහලින්ම සදහන් වන්නේ ඔබ නොකලයුතු කාරනා කිහිපයකි. ආකර්ශනීය තරුන තරුනියක වෙසින් සිටිමින් ඔබලවා අවදිකරවන්නට තැත් දරන වෙබ් සබදතා මග හැරීම ඉන් ප්‍රධානය. තවත් විටක දේශපාලනික හෝ ආගමික ලෙස ඔබගේ අවදානය කම්පනය කරමින් වැඩි දුර තොරතුරු වලට පොලබවන්නට තැත්කරන අවස්ථාවල අවසාන ප්‍රථිපල වන්නේද  ආසාදිත දත්ත  උපකරනයක හිමිකරුවෙක් වීමට සිදුවීම පමනක් විය හැක.අද වන විට සයිබර් අවකාශය තුලදී සිදුවන බොහොමයක් හානිකර මෘදුකාංග පහරදීම් වලින් ගැලවී සිටීමට මෙවන් යහපත් පුරුදු කිහිපයක් හා ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනයකොට එය නිසිලෙස යාවත්කාලීන කරමින් පවත්වා ගේන යාම ප්‍රමානවත් බවටයි පිලිගැනෙන්නේ.
                                       ටැබ් යන්ත්‍ර හා නවීන ජංගම උපකරන සදහාද මෙම තත්වය පොදුය. සීග්‍ර ලෙස භාවිතාකිරීම්  ඉහල යමින් පවතින මෙම උපකරන කෙරෙහි පහරදෙන්නන්ගේ අවදානය වේගයෙන් ලැබෙන් පවතින බවට පැවසෙන අතර සාමාන්‍ය ලෙසට ඒවා සමගද ඊමෙල් ගනුදෙනු කරමින් වෙබ් අවකශය සමග ගනු දෙනු කරන්නට හැකිවීමත් සමග මෙම අනතුරු තත්වය වැඩි වෙමින් පවතින බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. ඔබගේ කාර්යාලයේ පරිගණක පද්ධතිය තුලට අනවසර ඇතුලුවීමකට ඇරබුම මෙලෙස කාර්යාල පරිගණක පද්දතිය හා සම්බන්ද වන ජංගම උපකරන ඔස්සේ කෙරෙන ආසාධනයන් මුල්වනු බහුලව දැකිය හැකි වීම සුලබ කාරනයක් ලෙසට දක්නට හැකිවෙනවා.
                                                                        මෙලෙස සිදුවිය හැකි ආසාදනයන්ද ඒවා සිදුවන ක්‍රම අනූව වර්ගීකරනය කොට තිබෙනවා.පොදුවේ මැල්වෙයාර් ලෙසින් නම් වන මෙම හානීන් අතර වෝම් නොහොත් අන්තර්ජාලය ඔස්සේ පරිගණකයෙන් පරිගණකයකට ස්වංක්‍රීය පැතිරෙමින් එම යන්ත්‍ර අනවශ්‍ය ක්‍රියාකාරකම් වලට පොලබවන හානිකර මෘදුකාංගද , බොට්නෙට් ලෙසට නම් වන ඔබ කිසිසේත්ම නොදන්නා මුත් හානිකරබව පතුරවන විශාල පරිගණක ජාලයක සාමාජිකයෙකු බවට ඔබගේ පරිගණකය පත්කරන හානිකර මෘදුකාංගද , වෙනත් මෘදු වැඩසටහනක් මත සැගව පරිගණකය වෙත පැමින පරිගණකයට හනිකරන වෛරස ලෙසට නම් වන මෘදු කොටස්ද , ස්පයිවෙයාර් ලෙසට නම් වන භාවිතාකරන්නාට නොහැගෙන ලෙසට උපකරනයේ භාවිතාවන තොරතුරු තවකෙකු අතට පත්කරන්නට ක්‍රියාත්මක වන මෘදුකාංගද, පිෂිං ලෙසට නම් වන ඔබව නොමග යවා ඔබගේ ගිනුම් වල තොරතුරු ලබා දෙන්නට පොලබවන මෘදුකාංගද වනවා.
                       ඔබගේ දත්ත උපකරනය භාහිරට විවෘතවන හැම විටකම මෙම හානිකරයන් ඔබගේ පරිගණකයට ඇතුලුවීමේ අනතුර පවතිනවා. සංයුක්ත තැටියක් ඔස්සේ , පෙන් ඩ්‍රයිව් එකක් ඔස්සේ , අන්තර්ජාල භාවිතයේදී ඊමේලයක් ඔස්සේ, සමාජ ජාලා ක්‍රයා කාරකම් ඔස්සේ , තවත් විටක ඔබ වෙතට එවන කුඩා ටෙක්ස්ට් මැසේජයක් ඔස්සේ පවා මෙම හානිකරයන් සිදුවිය හැකියි. මෙවන් ආසාදනයක් හදුනා ගැනීමේදී උපකරනයේ වේගය අස්වාභාවික ලෙස අඩුවීම  , ඔබ පරිගණකය ක්‍රියාත්මක කරවන විධානයන්ට අමතර වෙනත් ක්‍රියාකාරකම් වලට පරිගණකය පෙලබෙන බව පෙන්වීම  වැනි සරල වෙනස් කම් වල සිට පරිගණකය සම්පූර්නයෙන් ක්‍රියාත්මක කරවා ගත නොහැකි තත්වයට පත්වීම දක්වා විවිධ විය හැකියි.
                                                                                     ආරක්ශක මෘදුකාංගයක් පරිගණකයේ ස්ථාපනය කර එය හොදින් පවත්වාගෙන යාම පලමු ආරක්ශක පියවර වෙනවා. අනවශ්‍ය පෙලබවීම් ඔස්සේ නන්නාදුනන සබදතා සමග ගනුදෙනු නොකිරීම , සැක සහිත ඊමේලයන් මගහැරීම , අවිධිමත් මෘදුකාංග උපකරනයට ස්ථාපනය නොකිරීම, ස්ථාපනය කර ඇති මෘදුකාංග නිසිලෙස යාවත්කාලීන කරමින් පවත්වාගෙන යාම වැදගත් තොරතුරු අඩංගු ගොනුවල අමතර පිටපතක්  බාහිර මාධ්‍යක් මත නිරන්තරයෙන් පවත්වා ගෙන යාම වැදගත් කාරනා ලෙසටයි සැලකෙන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...