2012-09-05

ජාවා වෙතට රතු එලිය දැල්වේ.......



ජාවා යනු වෙබ් අවකාශය සංක්‍රීය තැනක් කරන්නට භාවිතාකරන්නා අන්තර්ක්‍රියාකාරකම් වලට පොලබවන්නට මුල්වූ මෘදුකාංගය ලෙසටයි පිලිගැනෙන්නේ. මතුවෙමින් පවතින නවතම තත්වය තුලදීනම් ජාවා වෙතට පෙරකී ධනාත්මක දැක්ම වේගයෙන් වෙනස් වෙමින් පවතින බවටයි දක්නට ඇත්තේ.හදාරන්නන් පවසන ආකාරයටනම්  ඕබගේ පරිගණකය තුල තව දුරටත් ජාවා මෘදුකාංගය පැවතීම "ඔබ ඉතා සබුද්ධිකවම මෘදු හානීන් ඔබගේ පරිගණකය වෙත කැන්දා ගැනීමක්" ලෙසටයි සටහන් වන්නේ. හදුනා ගෙන තිබූ දුර්වලතා සදහා ජාවා වෙත  නිකුත්කර ඇති පිලිසකර යාවත්කාලීනයන් සමග නව ආකාරයක දුර්වලතා ජාවා මත නිර්මානය කරදෙන්නට සමත්ව ඇති බවටයි නවතම චෝදනාව වන්නේ.
                                  හදාරන්නන්ට අනූව පැවසෙන්නේ භාවිතාකරන්නන්ගෙන් සියයට අනූවකම පරිගණක මතට ජාවා ස්ථාපනය එතරම් තේරුමක් නොමැති බවයි.පසුගිය කාලය සලකන විටදී මයික්‍රසොෆ්ට් මෙන්ම ඇපල් උපකරන වෙතට තීරනාත්මක ලෙස අනවශ්‍ය හානීන් කැදවන්නට ජාවා මුල්ව ඇති බවටයි ඔවුන් චෝදනා කරමින් සිටින්නේ.දැනටමත් මැක් උපකරන සමග ජාවා ස්ථාපනය කොට නිකුත්කිරීම එම ආයතනය විසින් නවතා ඇති බවටයි පැවසෙන්නේ. 2011 වසර තුලදී සිදුවූ මැල්වෙයාර් පහදීම් වලින් සියයට 78ක් සදහාම ඉලක්කවී තිබුනේ ජාවා  , ඇඩොබේ හි ප්ලෑෂ් ඇඩොබේ රීඩරය බවටයි වාර්ථවන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...