2012-09-26

ඉදිරි වසර 5 තුල ගූගල් කාරය සාමාන්‍ය භාවිතයට......


ගූගල් ආයතනය පවසන්නේ ස්වංක්‍රීය කාරය සාමාන්‍ය භාවිතයට ඉදිරි වසර 5 ඇතුලත පැමිනෙන්නට නියමිත බවයි. එම ප්‍රකාශකයා වැඩි දුරටත් පවසා සිටියේ මෙම කාරය සාමන්‍ය රියදුරෙකු මෙහෙවන කාරයකට වඩා සුරක්ශිත බවට දැනටමත් තහවුරුවී ඇති බවයි. සිලිකන් නිම්නයේ පිහිටි ගූගල් මූලස්ථානයේදී පසුගියදා කැලිෆෝනියානු බලධාරීන් විසින් මෙම වාහනයේ අත්හදා බලීම් වැඩිදියුනු කීරිම සදහා වන නීතිමය එකගත්වය පලවන ලේඛන සදහා අත්සන් තැබීමෙන් අනතුරුව තම මූලස්ථානයේ දේශනාගාරයේදී පැවති පුවත් හමුවකදී මේ බව පල කරන ලදී. තවමත් මෙම වාහනය හදිස්සි තත්වයකදී එහි පාලනය සියතට ගැනීමට හැකි රියදුරෙකු යටතේ ධාවනය විය යුතුවා සේම වාහනයේ ආරක්ශිත තත්වය පිලිබද ඉදිරි තහවුරුවන් කිහිපයකට සාර්ථකව මුහුනදීමෙන් අනතුරුව සම්පූර්න ධාවන නිදහස ලැබෙන ඇති බවටයි එහිදී පැවසුනේ.
                          සාමන්‍ය රියදුරෙකු අතින් සිදුවිය හැකි නොසලකා හැරීම් , අවධානය බිඳ වැටීම් , මත් ද්‍රව්‍ය භාවිතව සිටීම , නින්ද යාම වැනි බොහෝ දුර්වලතා සදහා සාර්ථක විසදුමක් වනු ඇතැයි බලා පොරොත්තු පලවන මෙම වාහනය මේ වන විට ප්‍රසිද්ධ ධාවනය තුල සැතපුම් 300,000 සම්පුර්ර්න කර ඇති බවයි සටහන් වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...