2012-09-01

ජාවා 7 වෙත අනතුරු ඇගවේ......

පසුගියදා ජාවා 7 සදහා නිකුත්කරනු ලැබූ ආරක්ශක යාවත්කාලීනයන් සමග නව දුර්වල තාවයක් නිර්මාණය වී ඇති බවට පුවතක් පලවෙනවා.හදාරන්නන් පවසන්නේ මෙම දුර්වල තාවය සමග ජාවාහි ආරක්ශක ක්‍රියාකාරකම් වන "සෑන්ඩ් බොක්ස්" හා තවත් අවස්ථාවක් සදහා මෙම අනතුරුදායක විවරවීම  දක්නට ලැබෙන බවයි.
                                              ඔරකල් වෙතින් සුපුරුදු ලෙස සතර මාසයකට වරක් නිකුත් කරන ආරක්ශක යාවත්කාලීන ගොනුව ලබා ගැනීමත් සමග මෙම අනතුරු දායක බව නිර්මානය වී ඇති බවට පැවසෙන අතර ඒ සමගම පහර දෙන්නෙකුට පහසුවෙන් මැල්වෙයාර් ආකාරයේ ආසාධනයක් කරා පරිගණකයක් පහසුවෙන් ‍රැගෙන යන්නට අවස්ථාව ලැබෙනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.
                       විද්වතුන් පවසන්නේ ජාවා හි 6 වන සංස්කරනයට වඩා එහි 7 වන සංස්කරනය අනාරක්ශිත බවවින් වැඩි බවක් දක්නට ලැබෙන බවටත් ජාවා 7 මතට පෙර සංස්කරන වලට වඩා පහසුවෙන් ඇතුලුවීමේ අවස්ථාව තිබෙන බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...