2012-09-02

වඩාත් නිවැරදි සෙයුම් ප්‍රථිපල ලබාදීම හෙවත් නොනවතින අරගලය.....

වෙබ් අවකාශය යනු අපමන තොරතුරු වලින් සුසැදි ස්ථානයකි. සැබවින්ම මෙම වෙබ් අවකාශය අපහට මෙතරම් අදාල වනුයේ එය සමන්විතවන අපමනක් වන තොරතුරු නිසාම නොවේ. ක්ශනිකව එම තොරතුරු අපට අදාලවන විටකදී නැවත ලබා ගැනීමේ ඇති පහසුව නිසා වෙනි. දුර හා කාලය යන බොහෝදේ සදහා අදාල වන සාධක ඉක්මවා යමින් ක්ශනිකව එම තොරතුරු අපට අවශ්‍ය ආකාරයට ලබාදීමේ කාර්යය සදහා අතර මැදියා වනුයේ "සර්ච් ඇන්ජින්" ලෙසින් නම් වන සෙයුම් යාන්ත්‍රනයයි.
               ගූගල් ආයතනය යනු මෙම කාර්යය වඩාත් සාර්තකව ඉ‍ටුකර දෙන්නට උත්සාහකරන ආයතන අතර ඉදිරියෙන්ම සිටින්නෙකි. එම ආයතනයේ ශක්තියෙන් වැඩි ප්‍රමානයක් වැය කරමින් ඔවුන් නිරන්තරයෙන් සොයා බලමින් සිටින කාරනය නම් සැබවින්ම ඔබ සොයන්නේ කුමක්ද යන්නය. සරලව පවසන්නේ නම් එක් වචනයක් සදහා අර්ථ කිහිපයක් ඇති විටකදී බහුතරයක් වැඩි වශයෙන් එම වචනයෙන් අදහස් කරන්නේ කුමද යන්න සෙයුම් යන්ත්‍රයට අවබෝධයක් ඇති විටකදී අඩුම කාලයදී වැඩිම අදාල සෙයුම් ප්‍රථිපල ඔබගේ ප්‍රථිපල පි‍ටුවේ ඉහලින්ම සටහන් කිරීම ඔවුන්ගේ ඉලක්කයවේ.
               ගූගල් ආයතනය මේ වන විට පවසමින් සිටින්නේ වඩාත්ම සාර්ථකව ඔබ සොයනදැ පිලිබදව සහය ලබා දෙන්නට නම් ඔබගේ වඩාත් පෞද්ගලික බවට එබී බලන්නට සිදුවනු ඇති බවය. ඔවුන් පවසන්නේ අනාගතයේ ඔබගේ සෙයුම් ප්‍රථිපල වඩාත් ඔබේ අවශ්‍යතාවයන් හා වැඩියෙන්ම සැසදෙන්නට නම් ඔවුනට ඔබගේ ඊමේල සමාජ ජාලා ගිනුම් වෙත වඩාත් සමීපව කටයුතු කරන්නට සිදුවනු ඇති බවකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...