2012-09-02

වින්ඩෝස් 8 සමග සුපුරුදු පරිගණක ක්‍රිඩාද.......

මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන්නේ එලබෙන වින්ඩොස් 8 සමගද සුපුරුදු පරිගණක ක්‍රිඩා පැමිනෙන්නට නියමිත බවයි. ඒවා අතර Angry Birds හා Angry Birds Space ද වන බව පවසන ආයතනය ඔක්තෝබර් මස  26 නිකුත්වන වින්8 අවසන් සංස්කරනය සමග මේවා නිකුත්වන බවටයි පැවසෙන්නේ. මේවා ගේම් ඇප්ස් ලෙසටත් වින්ඩෝස් ස්ටෝර් වලත් දක්නට ලැබෙනෞ ඇති බවට ආයතනය පවසනවා.මීට අමතරව වින්ඩෝස් හි  Xbox console සමගද සමහර ක්‍රිඩා කිහිපයක් නිකුත්වනු ඇති බවටයි සටහන් වන්නේ. මෙම ක්‍රීඩා 40ක් අතරින් 29ක්ම මයික්‍රසොෆ්ට් ආයතනයේ නිර්මාණ වනු ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.
                        කෙසේ වෙතත් තවමත් එම ආයතනය ටැබ් මූලික උපකරන වෙනුවෙන් වන Windows RT සංස්කරනය සදහා මෙම ක්‍රිඩා අතරින් කිනම් ඒවා අදාල වනු ඇත්දැයි තවමත් පවසා නැති බවටයි සටහන් වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...