2012-09-24

පරාධකරුවන් හා සමාජ ජාලා...

පසුගියදා පලවූ වාර්ථාවකින් පැවසුනේ ව්‍යාපාරිකයෙකු පැහැර ගැනීමේ යෙදුනු තරුනයෙකුගේ ෆේස්බුක් ගිනුමේ සදහන්ව තිබූ කාරනා හැදෑරීමෙන් හැගෙනුයේ ඔහුගේ ක්‍රියාකාලාපයන් ගොඩ නැගුමට එම සමාජ ජාලය ඔස්සේ පැමින ඇති මතවාදී පෙලබවීම් සුලුප‍ටු නොවන බවයි. එම හදාරන්නන් පවසන්නේ මෙලෙස සමාජ විරෝධී අදහස් පෙරීමකින් තොරව තවකෙකු අතට පත්වීමත් අනතුරුව එවා වගකීමකින් තොරව අගය කිරීමත් දිරිගැන්වීමත් සමකාලීන බොහෝ අපරාධ කරුවන් පසු පස දැකිය හැකි බවයි.
                        ඔවුන් පවන්නේ ප්‍රධාන පෙලේ දේශපාලන ආගමික මතවාදයන් මෙලෙස සමාජ ජාලා ගිනුම් ඔස්සේ අනවශ්‍ය භාවිතාවන්ට  පැමිනෙනවිට ඒවා පාලනය කිරීම සදහා පියවර ගෙන ඇතැත් මෙලෙස පෞද්ගලික මට්ටමින් ගිනුම් අතර මතුවන  අපරාධමය මතවාද දිරිගැන්වීම්  පාලනය ඉතා අපහසු කාරනාවක් බවයි.
                      තවත් විටක සමාජ ජාලා පලකීරීම් අපරාධ කරුවන් කො‍ටුකර ගැනීමේලාද සහය වන බවට පවසන ඔවුන් පසුගියදාක තම ප්‍රොෆයිලය ඔස්සේ අසත්‍ය ගැබ් ගැනීමක් ගැන සටහනක් පල කොට රෝහලක සේවිකාවක ලෙසින් ව්‍යාජව පෙනී සිට දරුවෙකු පැහැර ගැනීමේ සිදුවීමට අදාල සැක කාරියක කො‍ටුකර ක්ගැනීමේදී ඉහතකී සමාජ ජාලා පල කිරීම වැදගත් සාධකයක් වූ බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...