2012-09-24

ඔරලෝසු හෝරා එකහමාරක් මානසික මිනිත්තු 45කට ගුලි කිරීම......

මම ටීටාව ඔස්සේ අප අධ්‍යාපන ආයතනයේ පුස්ථකාලයට ගොඩ වූවා. එහි චලන පට අංශයේ ඔබ මොබ ඇවිදිමින් අප වෙත නිර්දේශිත චලන පටයක් සොයන්නට උනා. "ලිමිට්ලස්"  සවිස්තර කර තිබුනේ දශක ගනනාවකට පෙර තිරගතවුනු සාමාන්‍ය ප්‍රබන්ධයකට වඩා යමක් නොවන බවට පිලි ගැනූනු නිර්මානයක් ලෙසටයි. මිනිස් මනස යනු සැබවින්ම මිනිසා විසින් පරිහරනය කරමින් සිටින ඉතා සීමිත අවකාශය මෙන් සිය දහස් ගුනයක විශාල දත්ත ගබඩාවක් බවත් යමෙක් යම් ක්‍රමයකින් සාමාන්‍ය අවදානයට ඔබ්බෙන් සැගවී ඇති මෙම ප්‍රදේශයට පිවිසීමට යතුරක් සොයා ගතහොත් පෘතුවිය මත මිනිස් වර්ගයාගේ ගමන් මග සම්පූර්නයෙන් වෙනස් වනු ඇති බවට නෙක චින්තකයන් විසින් දශක ගනනාවක් තිස්සේ විවිද ස්වරූපයන්ගෙන් කර තිබූ සටහන් ඔස්සේ යමින්  කල නිර්මානයක් ලෙසට වැඩිදුරටත් සටහන්ව තිබුනා.
                                                             ධාවන කාලය සටන්ව තිබුනේ හෝරා එකහමාරක් ලෙසටයි. නිවසකරා ලගා වීමට ඇති ඉතිරි කාලය ලෙස සටහන්ව තිබුනේ හෝරාවක් පමනයි. ටීටාවේ දැක්වෙමින් තිබූ  විකල්ප බටනය ඔස්සේ පිවිසුන විට යෝජනා කර තිබුනේ අධිත්වරන තත්වය ඔස්සේ මෙම සිනමා පටය විනාඩි 45ක කාලයකදී  නැරබිය හැකි බවටයි.ඔරලෝසු හෝරා එකහමාරක් මානසික විනාඩි 45ක් තුල හැකිලීතිබීම අතීත මනසකට නම් අරුම පුදුම කාරනයක් වනු ඇත. ඇත්තෙන්ම ඒසදහා කල යුතුව තිබුනේ විනාඩි පහක පමන සංගීතය මුසුකරන ලද මානසික තරංගයකට සවන්දීම පමනයි.ආරක්ශිත පරිසරයකදී බවට සහතිකකර ගැනීම භාවිතාකරන්නාට පැවරෙන මෙම අත්දැකීම බහුලව යොදා ගැනෙන්නක් උනා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...