2012-09-27

ඩ්‍රොප්බොක්ස් ගොනු පහසුවෙන් ෆේස්බුක් වෙතට.....

ෆේස්බුක් මතට එක්ව ඇති නවතම  පහසුකම් අතර ඩ්‍රොප්බොක්ස් මත රදවා ඇති දත්ත ගොනු පහසුවෙන් තම ෆේස්බුක් කන්ඩායම් අතර බෙදා හදා ගැනීමේ හැකියාව සදහන් වනවා. මෙම පහසුව අත්වීදීමට නම් පලමුව තම ඩ්‍රොප් බොක්ස් ගිනුම  ෆේස්බුක් ගිනුම සමග සම්බන්ද කල යුතු අතර ඉන් අනතුරුව තම වෝලයන් මත එම ගොනු දැක්වීම ඇරබෙන බවටයි පැවසෙන්නේ. වසර මුලදී ෆේස්බුක් හදුන්වා දුන් පහසුකමක් සමග මෙගා බයිට් 25 දක්වා ගොනු තම ගිනුම තුල භාවිතාකිරීමේ පහසුව සැලසුන අතර මෙම නවතම හදුන්වාදීමත් සමග ඊටවඩා විශාල ප්‍රමානයේ දත්ත ගොනු පහසුවෙන් තම හිත මිතුරන් සමග බෙදා හදා ගැනීමේ හැකියාව භාවිතාකරන්නන්ට ලැබෙනු ඇති බවටයි සටහන් වන්නේ.
                    ඩ්‍රොප්බොක්ස්  වෙතින් පැවසෙන්නේ මෙම සබදතාවය තුල භාවිතාකරන්නා විසින් තීර්නය කරන ගොනු පමනක් බෙදා හදා ගැනීමේ අවස්ථාව ඇති අතර ඊට අමතරව ගිනුමේ කිසිදු විස්තරයක් ෆේස්බුක් සමග තමන් බෙදා හදා නොගන්නා නිසා තම  සේවය ලබන්නන්ගේ ආරක්ශාව ගැන බියයුතු නොවන බවටයි පැවසෙන්නේ.

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...