2012-09-18

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා මත සැලකිය යුතු මට්ටමේ දුර්වලතාවයක් හදුනා ගැනේ......

පලවන නවතම පුවතකට අනූව කියවෙන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි 7,8,9 සංස්කරනයන් තුල ඇති  එක්ස්.පී, විස්ටා හා වින්7  මතදී ක්‍රියාත්මක විය හැකි "සීරෝ ඩේ" ආකාරයේ දුර්වලතාවයක් පහරදෙන්නන්ගේ අවධානයට ලක්වෙමින් ඇති බවයි.ඔවුන් පවසන්නේ ආසාදනයන් පතුරවන ආකාරයේ වෙබ් අඩවියකට මෙම දුර්වලතාවය සාර්ථක ඉලක්කයක් විය හැකි බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ දුර්වලතාවය හදුනාගෙන ඇති බවයි. තවමත් මේසදහා යාවත්කාලීනයන් පිලිබද එම ආයතනය පැහැදිලි දින වකවානු නිකුත්කොට නොමැති බවටයි පැවසෙන්නේ.
                     හදාරන්නන් යෝජනා කරමින් සිටින්නේ මයික්‍රසොෆ්ට් ආයතනය මෙම දුර්වලතවය සදහා නිසි යාවත්කාලීනයන් නිකුත්කරන තෙක් ගූගල් ක්‍රෝම් ,  ෆයර් ෆොක්ස් වැනි විකල්ප බ්‍රවුසරයන් භාවිතය වඩාත් සුදුසු වන බවයි.ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සදහා මෙම දුර්වලතාවය කෙසේ බලපානවාදැයි නිශ්චිත අදහසක් පල නොවන මෙම දුර්වලතාවය , එරට රජය විසින් ප්‍රතික්ෂේප කරසිටියද පසුගිය ජාවා පහරදීම පසුපස සිටියායැයි චෝදනා ලද චීනය ආශ්‍රිත කන්ඩායමක් විසින් භාවිතාකරමින් සිටින බවටයි චෝදනා ලබමින් සිටින්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...