2012-09-20

පරිගණකයෙන් ඔබගේ පෞද්ගලිකත්වය සම්පූර්නයෙන් ඉවත්කිරීමට මෘදුකාංගයක්.........

ඔබගේ පරිගණකය යනු  ඔබගේ පෞද්ගලිකත්වයේ කොටසකි.  "ඔන් ලයින්" ආකාරයට හෝ  හුදකලා පරිගණකය ලෙසින් වන මොන ආකාරයට කලක් එය භාවිතාකරන විට ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබගේ පෞද්ගලිකත්වය පිලිබදතොරතුරු එහි ‍රැස්වන්නට පටන්ගනී. සමහර විටක ඔබ යනෙන වෙබ් අඩවි , පෞද්ගලික ඡායාරූ , බලන කියවන ලිපිගොනු ආදිය පමනක් නොව අන්තර්ජාලයේ ඔබවිසින් පවත්වාගෙන ටන ගිනුම් ආදියෙහි රහස් අංක ආදිය වන මෙකී නොකී බොහෝ දේ එහි වන්නට පුලුවන.
                  එසේම සමාන්‍ය ආකාරයට ලැබෙන පහසුකම් සමග මෙම දත්තයන් ඉවත්කරන්නට උත්සාහයන්දී සමහර දත්තයන් ඉතිරිවීම සිදුවේ.පහත දැක්වෙන  මෘදුකාංගය මෙවන් තත්වයකදී ඔබ සදහා සේවයට සූදානම් බටයි එහි නිර්මානකරුවන් පවසා සිටින්නේ. ඔවුන් පවසන්නේ ඔබගේ පරිගනකයෙන් සම්පූර්නයෙන් පාහේ පෞද්ගලිකත්වයන් ඉවත්කිරීමට අවශ්‍ය ක්‍රියාන්විතයන්ගෙන් මෙම මෘදුකාංගය සමන්විත බවයි. එසේම ඒවා අතරින් ඔබගේ සිතැගි පරිදි ක්‍රියාවිතයන් තොරා ගැනීමට අවස්ථාව ඇති නිසා අවශ්‍ය ආකාරයට මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කර ගත හැකි වනු ඇති බවටයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

http://privazer.com/

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...