2012-09-11

"Go Daddy" වෙත සයිබර් ප්‍රහාරයක්!!!!!


"Go Daddy" ආයතනය යනු ලොව වැඩිම ඩොමේන හා වෙබ් හොස්ටින් පවත්වා ගෙන යනු ලබන ආයතනයකි.වෙබ් අඩවි පමනක් මිලියන 5ක් පමන ඔවුනගේ ආයතනයේ "හොස්ටින්" සේවාව ලබා ගන්නා බවටයි සටහන් වන්නේ. ගෙවී ගිය දිනයේ සැදෑ භාගයේදී සිදුවූ සයිබර් පහරදීමක ප්‍රථිපලයක් ලෙස තම ආයතනයේ ඩොමේන හා වෙබ් හොස්ටින් සේවාව ලබාගන්නා බොහෝ සේවා දායකයින්ගේ සේවා අඩපනවීමක් සිදුවූ බවට ආයතනය පවසා සිටිනවා.
                                 මේ පිලිබදව එම ආයතනයෙන් නිකුත්වන නවතම නිවේදනයකට අනූව පැවසෙන්නේ තත්වය පාලනය වී ඇති බවත් ක්‍රමයෙන් අක්‍රිය වූ සේවා වන් යථා තත්වයට පත්කරමින් සිටින බවත් හා මෙම ප්‍රහාරයේ ප්‍රථිපලයක් ලෙසට තම පාරිභෝගිකයන්ගේ දත්තයන් අන්සතුවීමක් පිලිබදව තවමත් නිවැරදිව පැවසිය නොහැකි බවත්ය.ඔවුන් පවසනවා ඉදිරි පැය 24 තුල සියලු සේවාවන් සම්පූර්නයෙන් යථාතත්වයට පත්වනු ඇති බවත් ඉවසීමෙන් තමන්හට සහය දැක්වූ පාරිභෝගිකයන් වෙත තම ප්‍රසාදය පලකරන බවත්ය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...