2012-09-18

ෆයර්වෝලය වැදගත් ආරක්ශක උපාංගයකි....


ඔබට හානිකරන්නෙකුට ඒ සදහා ඔබගේ පෞද්ගලික සීමාවට ඇතිලුවීමට සිදුවේ. ඔබගේ පෞද්ගලික තොරතුරු ලබාගන්නා විට එම ආයතන එම තොරතුරු අන්සතු නොකරන බවට පොරොන්දුවක්දීම සාමාන්‍ය  තත්වයකි.ඔබ විසින් ඉල්ලා නොසිටින ලද හෝ සාධාරන විස්වාශයක් නොතැබිය නොහැකි තත්වයකදී ගෙවත්තට හෝ ආයතනයකට බාහිර අයෙකුට පිවිසීමකට ඉඩ නොදෙන්නේ මේ නිසා බව පිලිගැනීමකි.
                           පරිගණකයද ඔබේ පෞද්ගලිකත්වයේ හෝ ආයතනයේ වැදගත් සාධකයකි.අනවසර ලෙසට එයට ඇතුලු වන්නෙකුට අත්පත්කරගත හැකි දෑ අතර පෞද්ගලික හෝ ආයතනික බැංකු ගිනුම් තොරතුරු , රාජකාරී හෝ පෞද්ගලික හිතවතුන්ගේ තොරතුරු , වෘතීය දත්ත ගොනු හා තවත් ආකාරයේ වන වටිනා දැ විය හැක. ඒ නිසාම ඔබගේ නිවසට  මෙන්ම පරිගණකයටද අනවසර ඇතුලුවීම්  සිදුනොවීමට වගබලා ගැනීම වගකීමකි.
                              ෆයර් වෝලය යනු මෙහෙයුම් පද්ධතිය සමග පරිගණකය වෙත ස්ථාපනය වන එවන් වැදගත් ආරක්ශකයෙකි.සරලව එහි ක්‍රියාකාරීතව මෙසේ පැහැදිලි කල හැක.ඔබ විසින් ඉල්ලීමක් නොකරන ලද අන්තර්ජාල සබදතාවය ඔස්සේ පැමිනෙන  සබදතාවයකට පරිගණකයටෑතුලුවීමට ඉඩ නොතැබීම එහි රාජකාරියයි. වැඩි ආරක්ශාවක් අවශ්‍ය වන විටකදී වෙළඳ පොල වෙතින් මිලදී ගතහැකි වැඩි දියුනු කරන ලද විකල්පද ලෙසද ‍තෝරා ගත හැකි මෙම මෘදුකාංගය  පරිගණකයේ "කන්ට්‍රෝල පැනලය" ඔස්සේ ඇතුලුවූ විට දැක ගත හැකි මෘදු උපාංගයකි.එම මෘදුකාංගයට ඇතුලුව එහි සැකසුම් ඔස්සේ ඔබගේ පරිගණකයට අවශ්‍ය යැයි හැගෙන පරිදි එම මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය සුසර කර ගැනීමෙන් ආරක්ශාව සලසා ගත හැකිවා මෙන්ම සමහර ආකාරයේ සාර්ථක සයිබර් පහරදීම් වලදී අඩපන කර දමා බාහිර පාර්ශවයන්ට පරිගණකයේ දොර විවෘතකීම සිදුවන බැවින් කාලයකට වතාවක් හෝ එහි නිසි ක්‍රියාකාරීත්වය සිදුවන බවට සොයා බැලීමද වැදගත් වනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...