2022-01-16

iPhone සමග වන ආරක්ශිත පියවර කිහිපයක්...

තොරතුරු තාක්ෂණය අපමන සුව පහසුවකි. පෙර ලෝකය සමග සැසදීමේදී එහි වන වේගවත් බව, සරලබව මෙන්ම සම්බන්ඳිත බව ගෙනෙන්නේ අපමන පහසුකම් වුවද ක්ෂණයක අතපසුවීමක් ගැටළු සහගතද විය හැකි බව අමතක නොකල යුතුමය. Apple ආයතනය තම පලමු නිකුතුව වූ 2007 සිටම මේ පිලිබඳව අවධනය ඉහලින්ම තබා ගන්නට කටයුතු කර තිබිනි. පහත දැක්වෙන්නේ එම ආයතනය පවසන සරලතම free privacy features පහක් පිලිබඳවය.
     Apple දුරකථනයක් සමග කටයුතු අරබන ඔබට හමුවන පලමු පියවර විය යුත්තේ මෙම ආරක්ශිත බව තහවුරු කර ගැනීමය. එම ආයතනය ඒ සදහා පලමු කොටම ආකාර 3ක් ගෙනැවිත් තිබේ. එනම් passcodes 3කි. එනම් numerical code, Tap Touch ID, හාr Face ID. ලෙසට නම් කෙරේ. ඒවා සදහා පිවිසෙන්නට Face ID: Tap Settings > Face ID & Passcode ලෙසටද, Home button: Tap Settings > Touch ID & Passcode > Turn Passcode On, or Change Passcode ලෙසටද පැහැදිලි කර සිටී. 
   ඔවුන් පවසන මීලග වැදගත්ම අංගයක් වන්නේ Find My iPhone වේ. එම අංගය සංක්‍රිය කිරීමත් සමග locate your iPhone හැකියාවද activating බව වැලක්වීමටද සහය වන බව සඳහන් වේ. මේ සදහා go to Settings > Find My [device] අංගයද, Turn on Find My network සමග  දුරකථනය offline විටදී පවා ස්ථානගත කර ගැනීමේ හැකියාව මෙන්ම පහසුවෙන් හිතවතුන් සමග ඔබගේ Share My Location හැකියාවද ලැබේ. 
    එසේම Suggested Password මගින් වඩාත් ශක්තිමත් අවසර පදයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව භාවිතයට ගැනීම වැදගත් වනු ඇත. Control app tracking හැකියාවද වැදගත් වන්නේ ඔබගේ පෞද්ගලික තොරතුරු නිරාවරනය සදහා වැදගත් වන බැවිනි. Settings > Privacy > Tracking ඔස්සෙ පිවිස ඒ ඒ app සදහා දුරකථනය තුලදී ලබා දෙන අවසරයන් පිලිබඳව අවබෝදයක් මෙන්ම පාලනයකට අවස්ථාව ලැබෙන බව අමතක නොකලයුතුය.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...