2022-01-21

iCloud Keychain

iPhone සමග එන තවත් වැදගත්ම ආරක්ෂක අංගයක් වන්නේ iCloud Keychain ය. වඩාත් සංකීර්න අවසර පද නැතිනම් complicated passwords ඔබගේ Online භාවිතාව ආරක්ෂා කරදෙන්නට වැදගත් වුවද ඒවා කිහිපයක් මතක තබා ගැනීම අපහසු කාරනාවක් වීම සාමාන්‍ය දෙයකි. ඔබ iPhone භාවිතාකරන්නෙකු වන විට මේ සදහා පැමිනෙන තවත් සහයෙකයෙකු වන්නේ iCloud Keychain ය. මෙම හැකියාව සංක්‍රියව පවතින විටදී ඔබට පහසුවෙන් වඩාත් සංකීර්න අවසර පද භාවිතාවට හැකිවන්නේ මෙම පහසුව විසින් ඒවා මතක තබාගෙන අවශ්‍ය විටදී ස්වංක්‍රීයව log in වලට භාවිතාවන නිසාය. ආයතනය පැහැදිලි කරන්නේ මෙම හැකියාව Safari usernames / passwords, credit cards, Wi-Fi networks / social log-ins වලදී පමනක් නොව ඔබ approve කරන ලද any device වලටද සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ iCloud Keychain වල තැන්පත් වන මෙම රහස් පද එම ආයතනයටද සංවෘතව වන නිසා ආරක්ෂාව ඉහලම වන බවකි.
  මීට අමතරව Safari web browser සමග එන Strong Passwords හැකියාව තුලින්ද auto-generated password මෙන්ම ඒවා iCloud Keychain වල තැන්පත් වීම ඔස්සේ ආරක්ෂිත වෙබ් සැරියක් ඔබට සහතික වෙනවා. ඔබ Safari වෙත sign up වීමත් සමග මෙම serviceයට විවෘත වන අතර මීට අමතරව password re-use alert මෙන්ම එකම password සමග multiple accounts භාවිතාවීම වැනි ගැටළු ගැන පවා දැනුවත් කරන්නට සූදානම් බව පවසනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...