2022-01-30

Huawei නැවත පැමිනෙන්නට සූදානම්.

Huawei පසුගිය වසරක කාලයක් ප්‍රධාන මාතෘකාවෙන් ඉවත්ව සිටියා වැනිය. Google වෙතින් තම apps හා services සදහා ඔවුන් වෙත පනවා දැමූ තහනම ඔස්සේ ප්‍රධාන ධාරාවෙන් ඉවත්ව සිටි නමුත් මේ වන විට නව ස්මාර්ට් දුරකථන මාදිලි දෙකක් සමග එනම් P50 Pro හා P50 Pocket ලොවපුරා වෙළඳ පොල වෙතට නිවේදනය කරන්නට සැරසෙමින් සිටිනවා. ප්‍රධාන වෙළඳ අනන්‍යතා වූ Oppo, Vivo, Xiaom, Samsung සමග සිටි කරට කර තරගයෙන් මදක් පසු බා සිටියද මෙම ආයතනය නව හඳුන්වාදීම සමග නැවත US, Europe වෙළඳ පොල වෙතට පැමිනෙන්නට කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. මෙම P50 Pro හා foldable P50 Pocket මාදිලීන් පසුගිය වසරේ චීන වෙළඳපොලට නිකුත් කරන්නට එම ආයතනය කටයුතු කර තිබුනා.
මෙම P50 Pro මාදිලිය 6.6-inch curved OLED screen එකකින් වඩාත් වේගවත් භාවිතාවක් සදහා 120Hz refresh rate එකක්ද සමග පැමිනෙන අතර පසු කැමරා හතර 50-megapixel main sensor සමග 40-megapixel mono sensor මෙන්ම Ultra-wide lenses එකක් සමග 200 times zoom range හැකියාවක් ‍රැගෙන එන බවට පවසනවා. එසේම Qualcomm’s Snapdragon 888 processor එකක් සමග fast-charging battery මෙන්ම embedded fingerprint scannerය display එකට සංයුත්තව පමිනෙන්නට නියමිතයි. දුරකථනය පූර්න විවර කිරීමකදී 6.9-inch OLED screen එකක් ගෙනෙන අතර කුඩා circular display එකකින් දුරකතනය විවෘත කිරීමකින් තොරව කෙටි භාවිතාවනට සූදානම්ව සැලසුම් කර තිබෙනවා. Huawei පවසන්නේ ඔවුන්ගේ App Gallery ය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන බව හා නව EMUI 12 software මෙන්ම UI එක අපූරු භාවිතාවක් සූදානම් ව ගෙනැවිත් ඇති බවට පවසනවා.
Pubudu Siriwansa

 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...