2022-01-31

iPhone වල වන සරල භාවිතාවන් කිහිපයක්.

iPhone සමග පැමින ඇති සමහර අංගයන් එය භාවිත කරන්නා හට මහත් සහයක් දක්වන්නේ වුවද ඒ පිලිබඳව නිසි දැනුවත් වීමකින් තොර බව දැකිය හැක. iOS සමග වන මෙම පහසූන් අතරින් කිහිපයක් පහත දැක්වේ. ඔබගේ iPhoneය අඳුරේම ඔබ අසල වන මොහොතක එය සොයා ගන්නට අපහසු වන්නේ නම් “Hey Siri” විධානය ඔස්සේ අවධිකරවා ගෙන “turn the flashlight” වැනි විධානයකින් පහසුවෙන් එය සොයා ගන්නට හැකි වනු ඇත.
ඔබ iOS වල 14 හෝ පසු සංස්කරනයක් භාවිත කරන්නේ නම් ‘Back Tap,’ පහසුව ඔබ සමග වේ. ඔබගේ iPhoneයේ පසු පස වන Apple logo ව secret button එකක් ලෙසට භාවිතා කරන්නට හැකි වීම එහි වන විශේෂය වේ. ‘Settings’ > ‘Accessibility’ > ‘Touch’ > ‘Back Tap.’ ඔස්සේ පිවිස App Switcher,’ ‘Camera,’ ‘Control Centre,’ ‘Lock Screen,’ ‘Mute,’ ‘Notification Centre,’ ‘Screenshot,’ ‘Siri,’ නැතිනම් ‘Spotlight.’ වැනි බොහෝ තොරා ගැනීම් සදහා ‘Double Tap,’ ‘Triple Tap,’ ආදිය සැකසන්නට ඔබට හැකිය.
iPhone භාවිතාකරන්නන් හට මග හැරෙන තවත් පහසුවක් වන්නේ keyboard සමග වන trackpad හැකියාවය. Notes app, search bar, නැතිනම් text message සමග කල හැකි මෙම භවිතාවේදී spacebar එක මත press and hold කරන විට සියලුම keys gray out වන අතර අනතුරුව cursor එක text area එක තුල චලනය කරන්නට swipe කිරීමකින් හැකි වනු ඇත.
තවත් විටක Safari app එක භාවිතාවේදී accidentally close tab එකක් නැවත අවධිකරගන්නට tabs button එක press කරන විට squares icon එක overlapping වීමෙන් අනතුරුව “+” buttonය මත long press එකකින් recently closed tabs වල list එක හමු වනු ඇත.
Pubudu Siriwansa

 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...