2022-01-30

Safari web browser ගැන අනතුරු ඇගවීමක්.

Safari web browser භාවිතාවට අදාලව iOS, iPadOS සහ macOS සියළු පරිසරයන්ට බලපාන හානිකරයක් පිලිබඳව Apple වෙතින් නිවේදනය වන්නේ සියළුම Apple devices සදහා නිකුතව ඇති නවතම යාවත්කාලීනයන් කරා පැමිනීම ඉතා වැදගත් බවකි. Safari web browser භාවිතාවට අදාලව එහි තැන්පත් වන සියළුම පාහේ දත්ත අනවසර ලබා ගැනීමකට ඉඩ සලසන මෙම දුර්වලතාවය Private Browsing mode වලදී පවා හානිකරන්නන් වෙතට විවර වීමක් සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඔබ භාවිතාකරන උපාංගය අනූව iOS 15.3 , iPadOS , 15.3 හෝ macOS Monetery 12.2 ලෙසට දැනට ඒ උපාංග සදහා වන අවසාන මෙහෙයුම් පද්ධති නිකුතුවට පැමිනීම වැදගත් වනවා. 1GB ට වැඩි වන ගොනුවක් වන බැවින් (macOS Monterey වලදී 2GB) මෙම යාවත් කාලීනය Wi-Fi වලට සම්බන්දිතව බාගත කර ගැනීම පහසුවක් වනු ඇති බවටද උපදෙස් ලැබෙනවා.
Pubudu Siriwansa

 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...