2019-11-30

සීතල පිනි කැට විසිරුනු..

සීතල පිනි කැට විසිරුනු උදෑසන පැමිනෙමින් ඇති බවට පෙර දැනුම් දීමක් වැනි, ක්‍රමයෙන් අවදිවන සියත් රාවය ඇරබෙමින් ඇත. කායික වෙහෙස මෙන්ම ප්‍රබෝධමත් සිත ආශ්‍රම රටාවාවේ උදෑසන ඇරබුම මදක් මග හැරෙන මද වැඩි නින්දකට මා කැදවා ගෙන ගොස් තිබුනා විය යුතුය.. සාමන්‍යයෙන් මෙහි නැගෙන හිර කඳු පෙල ඔබ්බෙන් යාන්තමින් අහස පැහැගැන්වෙන විට අවදිවීම සිරිතය. තම කුටියේ ඉදිරිපසදී තනිවම හෝ ශාලාවට පැමින සමූහ ලෙසට හෝ යෝගී අභ්‍යාස කිහිපයක යෙදීම ප්‍රබෝධමත් මෙන්ම පැහැදිලි දවස ඇරබුමට මහත් සහයකි. ආගන්තුක කුටියේ කවුලුවෙන් පෙනෙන සක්මන් මලුවට යාබදව ඇති තන බිස්ස මත වැතිරුනු සිහින් දිය කැට මදක් හෝ තවමත් සිරුර මත ඇති අනවදිමත් මවක් ඇත්නම් එය බඳදමන්නට අපූරු ඔසුවකි. එම නගරය මෑදට වන්නට තිබූ උද්‍යානයේ සමහර උදෑසනවලදී ඇවිදින්නට පැමිනීම ඇයගේ සිරිතක්ව පැවතිනි. උදෑසනම දේශන නියමිතව නැති සමහර දිනවලදී මම එහි යන්නට පුරුදුව සිටියාය. ඉමහත් ප්‍රබෝධයෙන් අවදිවන නගරය , එහි වැසියන් බොහෝ විට සිනා මුසු මුහුනෙන් එකි නෙකාට සුබ පතන්නට නොපැකිල වන්නේය. “හරිම ප්‍රබෝධමත් නගරයක්” පැමිනි මුල්ම කාලයේ නේවාසිකාගාරයට හා අධ්‍යන ආයතනයට සීමා වී තිබූ මගේ දින චර්යාව වෙනස් කරමින් ඇයව හමුවන්නට පටන් ගත් මුල්ම දිනයකදී මට නිතැතින් කියවිනි. ” ජීවවිද්‍යාත්මක මිනිසා තරම්ම සමාජ විද්‍යාත්මක මිනිසාත් ජීවිතයෙන් පිටතට වන සාමජයට පමනක් නොවේ තමන් තුලටත් බලපානවා. සමහර සංස්කෘතීන් ඒ අතීන් හරිම නිරෝගී වෙනවා. ඒවගේ සංස්කෘතියකට අයිතිව ඉපදීම වාසනාවක් කියලා මම හිතනවා” ඇය පැහැදිලිකරමින් පව්සන්නට පටන් ගත්තාය. 
- Tharu Minisa - 
- Pubudu Siriwansa  

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...