2022-12-18

Google Maps වල ඔබේ නිවස blur කරන්නට ...

කිසිදු තර්කයකින් තොරව GOOGLE Maps මහත් පහසුවකි. අතිබහුතරයක් ජීවිතයේ එක් වතාවක් හෝ මෙයින් තීරනාත්මක ප්‍රයෝජන ගෙන නැතැයි පැවසිය නොහැකි තරම් එය පහසුවකි.  Street View  වල වන මහත් පහසුව මෙන්ම සමහර විටක කලාතිරකින් හෝ ගැටළු සහගතද විය හැක.  සමහර විටක එය ඔබේ privacy යට අභියෝගයක් වන්නටද හැක. සයිබර් අපරාධ කරුවන් ගොඩ නැගිල්ලක වන  CCTV cameras වැනි ආරක්ෂක සැකසුම් හඳුනා ගන්නටත් මේවා භාවිතාකල හැක. මේ නිසාම Tony Blair, Sir Paul McCartney  වැනි බොහෝ ප්‍රකට පුදගලයින්ගේ සිට බොහෝ අය තමන්ගේ home හෝ වෙනත් ස්ථාන blur කර දමන්නටද කටයුතු කරනු ලැබේ. මේ සදහා desktop computer එකකින්  maps.google.com  වෙතට ගොස් home address වලින් අදාල තැන ‍තෝරා ( maps.google.com > home (on the left) > Report a problem > Adjust  red box >  Use + and - to zoom in and out / scroll with your mouse > Select My home වලට පසුව Google විසින් තහවුරුව සදහා අසන ප්‍රශ්න කිහ්පයකට පිලිතුරු දිමෙන් පසුව හැකි වනු ඇත.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...