2022-11-10

Decentralized social media යුගය.

Twitter වල යම් පසුබෑමත් සමග සමාජජාලා අවකාශය පිලිබඳව කථා බහේ ප්‍රධාන මාතෘකාවක් වෙමින් ඇත්තේ Decentralized social media අවකාශවල කැපී පෙනෙන පිබිදීමක ලක්ෂන පෙනෙන්නට තිබීමය. එක් හිමිත්වයකින් තොර ස්වාධීන servers  රාශියකින් සුසැදි නෙක රුචිකම් හෝ ප්‍රාදේශීයත්වයන් සහිත පිරිසකගෙන් සැදෙන මෙම අවකාශ වෙතට පැමිනෙන්නන්ගේ විශාල වර්ධනයක් වාර්ථාවෙමින් තිබීම දක්නට ලැබෙන බව කියවේ. 
    Fediverse Observer වෙතින්ද කියවෙන්නේ ඔක්තෝබරය හා සැසදීමේදී මිලියන භාගයක පමන භාවිතාකරන්නන් වැඩි වීමක් දක්නට ලැබෙන බවයි. Fediverse යනු නෙක ආකාරයේ  platforms රාශියකින් සමන්විත එකක් වන අතර 4.613 million users ඇති Mastodon එහි පධාන platform එකකි. Diaspora එහි දෙවනි ප්‍රධාන අවකාශය වන අතර 600,000 accounts සංක්‍යාවක් මෙන්ම PeerTube තෙවැන්න ලෙසට ගනනය වේ. එසේම හදාරන්නන් පෙන්වා දෙන්නේ centralized social media ලෙසට නොව මෙහිදී Server සංක්‍යාවද වර්ධනය වීමක් සිදුව ඇති අතර ඔක්තෝබරයේ ගනනය වෙමින් තිබූ 12,597  වෙනුවට සර්වර සංක්‍යාවද 13,963 දක්වා ඉහල යාමක් දක්නට ලැබෙන බවයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...