2022-11-18

Computer generations

Computer generations යනු පරිගණක තාක්ෂණය තේරුම් ගැනීමට පහසු කරවන එහි දියුනුවේ ගමන් මග පිලිබඳ කඩයිම් ඇසුරින් කල බෙදීමක් ලෙසට අපට සිතිය හැක. vacuum tubes, transistors, microprocessor වැනි සංධිස්ථානයන් ඇසුරින් එය සිදුකොට ඇත. First generation (1940 - 1956) පිලිබඳව සැලකෙන්නේ vacuum tubes තාක්ෂණය මුලිකව ගොඩනැගී තිබූ පරිගණකය ලෙසට නම් කල හැක.  විශාල ඉඩක වූ මෙම ආකාරයේ පරිගණකයක් සදහා ENIAC පරිගණකය උදා හරණයක් ලෙසට ගත හැක. එය ආසන්නව 20,000 vacuum tubes, 10,000 capacitors, 70,000 resistors භාවිතයෙන් ගොඩ නගා තිබූ 30 tons බරකින් යුත් එකක් විය.
     Second generation (1956 - 1963) ලෙසට පිලිගැනෙන අතර මෙම ආකාරයේදී transistors භාවිතාව නිසා ප්‍රමානයෙන් කුඩා වඩාත් වේගවත් මෙන්ම අඩු වියදමකින් කල හැකි නිමැවුමක් ලෙසට සැලකේ. 
    Third generation (1964 - 1971) යනු IC (integrated circuits) ඇසුරින් ගොඩ නැගුනු එකක් වන අතර වැඩි වේගවත්, අඩු ඉඩකඩක් ඉල්ලා සිටින නිමැවුමක් ලෙසට පිලිගනු ලබයි.
   Fourth generation (1971 - 2010) කාල පරාසයේදී microprocessor ප්‍රධාන පරිගණකය භාවිතය පැමිනි අතර භාවිතාවුනු integrated circuits නිසා desk එකක් මතට මනාව සැසදුනි. laptop පැමිනීමට මෙය ප්‍රධාන පදනමක් විය.
 Fifth generation (2010 to --->> සැලකීමේදී හදාරන්නන් ඉස්මතුකර පෙන්වන්නට කැමතිවන ප්‍රධාන අනන්‍යතාවය වන්නේ AI (artificial intelligence) මිත්‍ර බවයි. Apple වල Siri මෙන්ම Microsoft වල Cortana එම අනනයතාවය සටහන් කල උදාහරන කිහිපයකි.
  Sixth generation ( එලබෙන්නට නියමිත යුගය) quantum computer යුගය වන තර AR (augmented reality), VR (virutal reality), MR (mixed reality) වැනි ගුනාංග වලින් එය සමන්විත වනු ඇති බවට බලාපොරොත්තුවේ. 
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...