2022-11-10

Google One VPN නිකුත්වේ.

මේ වන විට Google වෙතින් නිවේදනයව තිබූ "VPN by Google One," භාවිතාව ක්‍රමයෙන් මුදා හරිමින් ඇති බවට වාර්ථා වනවා. මෙම  virtual private network හැකියාව Google One subscribers සදහා වන අතර 2TB plan  වල සිට ඉහලට වන subscribers ලා සදහා පමනක් වනවා. මෙම VPN හැකියාව පැහැදිලි කෙරෙන්නේ geo-locked content වෙතට යාමටත් වෙනත් රටකින් ලෙසට පෙනී සිටීමටත් සහය නොදක්වන බවයි. ඒනම් IP address  එක hide කරන්නටත් traffic එක mask කරන්නටත් පමනක් එය සහය වනු ඇති බවයි. Google ආයතනය Android, iOS, macOS, හා Windows සදහා මෙම භාවිතාවට අදාල apps නිකුත්කර ඇති අතර 32-bit, ARM සදහා සහය නොදක්වන බවට වාර්ථා වනවා. Google One සමග එන මෙම VPN  හැකියාව දැනට Austria, Australia, Belgium, Canada, Denmark, Finland, France, Germany, Iceland, Ireland, Italy, Japan, Mexico, Netherlands, Norway, South Korea, Spain, Switzerland, Taiwan, the United Kingdom,  United States. යන රටවල් සදහා සූදානම් බවටයි එම ආයතනය පවසන්නේ.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...