2022-11-15

Windows 8.1සදහා සහය January 10 අවසන්.

Microsoft නිවේදනය කර සිටිනවා එලබෙන වසරේ January 10 වන විට Windows 8.1 සදහා Technical support , Software updates, Security updates / fixes නැතිනම් සමස්ථ සහය අවසන් කරන්නට නියමිත බවයි. ඔවුන් යෝජනා කරන්නේ Windows 11 සදහා සුදානම් දෘඩාංග මට්ටම සපුරාගනිමින් ඒ වෙතට පිවිසීම භාවිතා කරන්නන් හටගත හැකි හොඳම තීර්නය බවයි. Windows 11  ගැන පවසන ඔවුන් පෙන්වා දෙන්නේ end-to-end security එනම් antivirus, firewall, internet protections ඇතුළු හැම අතින්ම ආරක්ශිත මෙන්ම හොඳින් සූදානම් මෙහෙයුම් පද්ධතියක් බවයි. මේ අතර Windows 10 වලින් Windows 11 වෙතට පැමිනීම 15% තරම් අඩු අගයක පවතින බවටයි ගනනය වන්නේ.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...