2011-12-20

වින්8 සමග පිවිසීම් අනන්‍යතා තහවුරුවට වෙනස් මගක්......

අවසරපද භාවිතය බෙහෙවින් අසාර්තක වෙමින් ඇත. මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ බොහෝ භාවිතකරන්නන්ගේ අවසරපද මද දැනුම ඇත්තෙකුගේ පවා හාස්‍යට ලක්වන සුලු තරමට සරලව ඇති බවයි.ආයතනය එලබෙන වින් 8 සංස්කරනය සමග භාවිතාකරන්නාගේ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ක්‍රමවේදය වෙනස් කිරීමේ උත්සාහයකට පිවිස ඇත්තේ මේ නිසා විය යුතුයි. එය භාවිතාකරන්නාගේ ඡායාරුවක් හා එය මත රටාගත ස්පර්ශක හැසිරීමක් හෝ මවුස චලනයකින් සමන්විත විය හැකි බවට තොරතුරු පලවෙමින් පවතිනවා.අයතන වැඩිදුරටත් පවසා සිටින්නේ මෙම ක්‍රමවේදය තුලදී සංකීර්න ගනිතමය ක්‍රම වේදයක් ඔස්සේ භාවිතාකරන්නාගේ චලනයන්ගේ ස්වභාවය අනූව සරල වෙනස්කම් නොසලකමින් ඔහුව නිවැරදිව හදුනා ගැනීමේ ක්‍රමවේදය ගොඩනැගෙමින් පවතින් බවයි.

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...