වර්ෂය අවසාන මාසයේ පලමු සතිය වනවිට ආශ්‍රම පාමුල පිහිටි ගම්මාන සියල්ලේම පාහේ ගොවිතැන් කටයුතු අවසන් වෙයි. ධාන්‍ය පල වල වලින් නිවෙස් පිරී යයි. කාලාන්තරයක සිටම මෙහි පවතින ඊලග කාර්යය වන්නේ ආශ්‍රමයේ වර්ෂ අගදී පැවැත්වෙන දීවා රෑ දින හතක් තිස්සේ පැවතෙන මහා පිරිත් සංජායනාවට ලකලෑස්තිවීමයි.ලමා ලපටීන්ගේ සිට වැඩිමහලු සියල්ලෝම වරින් වර අද උදැසන සිට ආශ්‍රමයට පැමින දහම් ශාලාවට ඔබ්බෙන්වූ විශාල නුගරුක පාමුල දැවයෙන් නිමවා ඇති පිරිත් ගායනයට නිමවා ඇති කුටිය පිරිසිදුකරමින් ස්වාභාවික දෑ වලින් අපූරුවට සරසයි.සුවදැති දෑව වලින් බිදී ගොස් ඇති තැන් පිලිසකර කරවයි. රාත්‍රියේ ආශ්‍රම භූමිය එලිය කරනු සදහා විශාල පන්දම් සකස්කර ඒවා සුවදැති තෙල් වර්ගවලින් පොඟවා සකස් කරයි.
ලෝකයේ මහත් දියුනු යැයි තමන් විස්වාස කරමින් සිටින බෝහෝ සංස්කෘතීන්වලින් මෙහි එන බොහෝ විද්වතුන් කුඩා නොදරුවන් මෙන් අසරනකර දමන අපූරු ස්වභාවයන් බොහොමයකින් මෙහි ගම්වැස්සන් පෝෂනය වී ඇත. ප්‍රධාන දායිකයින් ආදී ලෙස නම් කෙරුනු කිසිවෙකු මෙහි නැත. එහෙත් සියල්ල නියමාකාරයෙන් මෙහි සිදුවෙයි. ලොකු ස්වාමීන් වහන්සේට වඩාත් ලංවෙන්නට හිතවත්කම් පාමින් අනෙකුන්ට එරෙහිව හැසිරෙන්න්ට මෙහි කිසිවෙකුට නුවමනාය. මෙහිසින වඩාත්ම බල රහිතම පුද්ගලයා ලොකුස්වාමීන් වහන්සේ බව මම පැවසුව හොත් ඔබ පුදුම වනු ඇත.ආගන්තුකයෙකුට ලොකුස්වාමීන් වහන්සේ අසබඩට යන විට දැනෙන්නේ බියක් ගෞරවයක් නොව මහත් ලැජ්ජාවක් වැනි අසරනකමකි. අහස් කුසට තරම් උස අයෙකු ඉදිරියේ සිටගන්නා සාමාන්‍ය අයෙකුට දැනෙන අසරන කමක් වැනි හැගීමකි. උන්වහන්සේ විසින් කාලාන්තරයක් තිස්සේ ප්‍රගුන කර ඇති සියුම් සදහම් සිසිල ඉදිරියේ අර තැනැත්තාගේ සැබෑ පවිටු බව ඔහුටම දැනෙන්න ගන්නාක් මෙන් වූ අසරන කමකි. වරක් දහවල් දහම් හමුවීමක අතරතුර පැමිනි ඈත ගම් වැස්සන් කිහිපදෙනෙකු වෙනුවෙන් තම ආහාරය පිරිනමා දානශාලාවට පිටුපසින්වූ ගල්තලාවේ පසෙක අසුන්ලාගෙන කුඩා රස කැවිලි කිහිපයකින් තම කුස ගිනි නිවා ගන්නා මේ ඇත්තා මම දැසින්ම දැක ගතිමි.