2011-12-24

යහපත් බවින් පිරි එම සතුට බෙදා ගන්නට අපි සියල්ලන්ම ඔබ සමග බව කරුනාකර......

කලකට ඉහතදී ආශ්‍රමය වෙත ඉතාලි ජාතික මහතෙක් පැමිනුනා. වෘතියෙන් ලේඛකයෙකුවූ එතුමා  තම නිබන්දනයකට බුදුදහම පිලිබද තොරතුරු ‍රැස්කරනු සදහා ඉන්දියානු සංචාරයක යෙදී සිටින අතුරතුර එහිදී හමුවූ ස්වාමීන් වහන්සේ නමක් විසින් මෙම ආශ්‍රමයට යොමුකරනු ලැබ තිබුනා.සැදෑ සමාලෝචනයන් හිදී ඉතා තියුනු ලෙස  එතුමා දේවල් පිලිබදව ප්‍රශ්න යොමුකරන බවක්  නිතරම දිස්වූවා. වරක් ඔහු විමසා සිටියේ අන්‍යාගමික තමන් මෙහි ‍රැදී සිටීම ගැටලුවක් විය නොහැකිද යන්නයි. සුපුරුදු මද සිනාවක් සමග ලොකුස්වමීන් වහන්සේ පවසා සිටියේ, "අර ඈතින් පෙනෙන දැව දොර‍ටුවෙන් ඇතුල්විය යුත්තේ බෞද්ධයන් කියා හෝ නොකියා මෙහි ගැටලුවක් නැහැ. ඔබ ඇත්තෙන්ම ඔබේ හදවතට එකගව සිටින්නෙක්ද?, සෑම ආගමකම පාහේ මූලිකව උගන්වන ඔබ ඔබට අයහපතක් නොකරන, ඔබේ වටපිටාවට අයහපතක් නොකරන අයෙකුනම් එපමනයි. ඔබ ඔබගේ ජීවිතයේ සතුට යහපත ගැන මෙන්ම අනෙකුන්ගේ ජීවතවලද සතුට යහපත රකින්නට කැමති අයෙකු වන්නේ නම් ඔබට මෙහි එන්නට හැම විටකම අවසර තිබෙනවා. විවිධ ආගම් ආශ්‍රිතව නිර්මානය වන ආගමික පිලිවෙත්වල සරල වෙනස්කම් යදම් ලෙස සලකාගෙන එකිනෙකාට එරෙහිව නොහැසිරෙන්නට තරම් ඔබ බුද්ධිමත් නම් කැමති කලක් ඔබට මෙහි ‍රැදෙන්නට හැකියි". 
     නොවැම්බර් මසක අවසාන භාගයකවූ නිසා එතුමා මදක් අපහසු තත්වයකට පත්ව සිටියා, එලබෙමින් තිබූ නත්තල් සමයේ තම පවුලේ හා හිතවතුන් සමග එක්වී එම උත්සවය සමරන්නට නොහැකිවූ නිසා විය හැකියි.වරක් සැදෑ හමුවකදී තම අපහසුතාවය ඔහු අතින් ප්‍රකාශ වුනා. ලොකුස්වාමීන් වහන්සේ එම බව වටහා ගෙන නිසාදෝ දුන් පිලිතුරෙන් ඔහු මහත් සතුටට පත්වූ බවක් දකින්නට ලැබුනා. ලොකු ස්වමීන්වහන්සේ දුන් පිලිතුර වූවේ  " ලෝකයේ අතිවිශාල පිරිසක් සතුටින් සමරන අසිරිමත් නත්තල් සතුට මගහරින්නට මෙහි සිටින කිසිවෙකුට අවශ්‍ය වන්නේ නැහැ. යහපත් බවින් පිරි එම සතුට බෙදා ගන්නට අපි සියල්ලන්ම ඔබ සමග බව කරුනාකර අමතක නොකරන්න..... "
 -----අනන්තය තෙක් පෙනෙන විසල් කදුමුදුනතක සිට---------

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...