මොසිල්ලා හි ෆයර්ෆොක්ස් බ්‍රවුසරය ලොව පුරා බාවිතාකරන්නන් බොහොමයකගේ සිත් දිනාගත් ප්‍රකට බ්‍රවුසර මෘදුකාංගයකි. මෙම සතියේ මොසිල්ලා ආයතනය පවසා සිටියේ 2009 වසරින් පසුව ප්‍රතම වතාවට තම බ්‍රවුසරයේ ලොගෝ වෙහි වෙනසක් ගෙනෙන්නට තමන් තීර්නය කර ඇති බවකි. " කාලය සමග ඩෙස්ටොප් බ්‍රවුසර භාවිතාව පුලුල් වී ඇත.ඇන්ඩ්‍රොයිඩ් , මැක් , ලිනක්ස් , වින්ඩෝස් වැනි මෙහෙයුම් පද්ධති බොහොමයක් පුරා මෙන්ම ඇප් හා නව මොබයිල් මෙහෙයුම් පද්ධති වැනි විවිධ දිසාවට පැතිරුන ලෙසට එහි භාවිත වපසරිය පුලුල්වී ඇත. බ්‍රවුසර මෘදුකාංගයේ අභ්‍යන්තර දියුනු කිරීම් බොහොමයක්ම පැමින තිබුනද එහි ලෝගෝවේ හා අයිකනයේ වෙනස්වීමක් නොපැමින තිබීම සලකමින් මුත් එහි මූලික අදහස වෙනස් නොවන සේ කාලීන වෙනසක් එයට ගෙනෙන්නට අප තීර්නය කලෙමු" ලෙසට ඔවුන් පවසා සිටිනවා. එසේම ඔවුන් පවසා සිටින්නේ එම නවීකරනයේදී එලබෙමින් ඇති මොබයිල් භාවිතාව බහුල වීම තුල තම ලෝගොව හා ප්‍රොඩක්ට් අයිකනය කුඩා තිර උපාංගයකදී පවා පැවදිලිව දිස් වීම මෙන්ම අඩු තීවරතාවයක් සහිත තිරයකදී පවා පැහැදිලිව පෙනීම තම ඉලක්කය වූ බවයි. මෙම නව අංගයන් තම ෆයර් ෆොක්ස් 23 බීටා සංස්කරනය සමග මුලින්ම නිකුත් වන මුත් ඉදිරියේදී ක්‍රමත් ක්‍රමයෙන් තම අනෙකුත් සංස්කරන හා වෙබ් අඩවි වෙතට මුදා හරින බවටයි අවසාන වශයෙන් එහිදී ඔවුන් පවසා සිටියේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...