2013-06-26

මෙහෙයුම් පද්ධති දෙදිසාවකින් චලනය වෙමින් සිටී......

       තොරතුරු අවකාශය අනෙකුත් බොහෝ විෂයන් වලට වඩා වෙනස් වේගයකින් චලනය වන්නකි. තවත් දිසාවකින් සැලකීමේදී තොරතුරු විෂය අනෙකුත් බොහෝ විෂයන් වලට වඩා දෛනික ජීවතයට බල පාන්නෙකි. සැබ වින්ම එය ඔබගේ රාජකාරී ජීවිතයට මෙන්ම විනෝදාස්වාදන ජීවිතයට මෙන්ම සමජීය මෙන්ම සෞක්‍ය ජීවිතය වැනි, ජිවිතය වටා පැතිරුනු සියලුම ස්වරූප හා සැබැදුනකි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය යනුද ලොව පුරා බහුලතම භාවිතය ලබන තොරතුරු ලොකයේ එක් නියමුවෙකු ලෙසට නොසැලකීමට නොහැකි තරමේ ස්ථාවරයක් ලබා ඇති මෘදුකාංගයකි. තව හෝරා කිහිපයකින් ඇමරිකාවේ නගරයකදී සැලසුම් කර ඇති පරිදි වින්ඩෝස් 8 හි නව මෙගා යාවත්කාලීනයක බීටාව එලි දැක්වීමට සියල්ල සූදානම්ව පවතී. සැබවින්ම තොරතුරු ලෝකයේ හෙට දවස පිලිබද එය භෞතික සටහනක් වනු ඇත.
                                                      මෙහෙයුම් පද්ධති දෙදිසාවකින් චලනය වෙමින් සිටී. එක් දිසාවක් වන්නේ බරපතල ඩෙස්ටොප් භාවිතාවේ සිට සැහැල්ලු පහසු මෙන්ම ජංගම උපාංග දෙසට වන චලනයයි. තවත් දිසාවකින් එය වඩ වඩාත් ක්ලවුඩ් මූලික භාවිතාවකට ගමන් කරමින් සිටී. මයික්‍ර සොෆ්ට් සමාගම බොහෝ තාක්ශනික පරතරයන් නොසලකා මුත් සර්ෆේස් RT ඔස්සේ සැහැල්ලු ප්‍රොසෙසර් බලයක් සහිත උපාංග වෙත බරපතල ඩෙස්ටොප් භාවිතාවේ අඩුම තරමින් පිට කවරයවත් වින්ඩෝස් RT නමින් ගෙනෙන්නට තැත්කිරීම ආයතනිකව ඔවුනගේ හැදැරීම් අනුව හෙට දවස තොරතුරු උපාංග භාවිතාව පිලිබදව ඔවුනගේ දැක්ම පෙන්වන්නකි. තවත් අතකින් ක්ලවුඩ් තලය මතදී බරපතක භාවිතාවක් බොහොමයක් හමුවෙමින් උපාංගයක් ලෙසට ඉදිරියේදීත් තව තවත් ජංගම සැහැල්ලු වීමට ඇති අවශ්‍ය තාවයට ඔවුන් ගරුකරන බවට පෙන්වීමකි.

2023 දී Google විසින් 2.28m risky apps වලකා ඇත.

Google පවසන්නේ තමන් 2023 වසර තුලදී 2.28 million ක් වන apps ප්‍රමානයක් තම Play Store වලින් block කරන්නට කටයුතු කර ඇති බවකි. එය 2022 වසරේදී  1...