හුදු තොරතුරු ගලායාම ඔස්සේ ලොවම එක යායකට ගෙනෙන්නට සමත්වූ වෙබ් අවකාශයට ක්ලවුඩ් තාක්ශනය ගෙන ආවේ ත්‍රිමානීය බවකි. උපකරනයකට සිරව තිබූ ඔබගේ අනන්‍යතාවය ලොව සිව් කොනේ කොතැනක සිට උවද අපහසුවකින් තොරව හසුරවන්නට හැකිවන සේ ඔබව නිදහස් කරන්න එය මැදිහත්විය. තොරතුරු අවකාශයේ මේ අපූරු මැදිහත් වීමට නව මානයක් ගෙනෙමින් මයික්‍රසොෆ්ට් ආයතනය දැන් පවසා සිටින්නේ නුදුරේ එලි දැක්වීමට නියමිත නවාංගයක් සමග "ඔෆීස් වෙබ් ඇප්" භාවිතකරන්නෙකුට පවර් පොයින්ට් නැතිනම් එක්සෙල් වැනි භාවිතාවකදී සජීවීව දුර බැහැරක වෙසෙන තවකෙකු සමග සංස්කරන මට්ටමේ හමුවකට පහසුව ගෙන එන්නට තමන් සූදානම් බවකි.ඔවුන් පවසන්නේ තම විකල්ප මෘදුකාංග මේ හා සමානව රැගෙන විත් ඇති වර්ඩ් වැනි ලිපියක සජීවී සංස්කරනකට එකතුවීමකට වඩා මෙම නව හදුන්වාදීම ඔස්සේ එක්සෙල් වලදී සෙල් මට්ටමේ සංස්කරනයක් නැති නම් පවර් පොයින්ට් වලදී ටූල් කිහිපයක් යොදා බැලීම දක්වා ගැබුරට විහිදුනු එකක් වනු ඇති බවයි.ඔබ භාවිතාකරන මෙහෙයුම් පද්ධති ෆ්ලැට්ෆෝමයේ සීමාව ඉක්මවමින් වින්ඩෝස්, අයි.ඔ.එස්, ඇන්ඩ්‍රොයිඩ් සමග එකසේ මෙම හැකියාව පැමිනීම එය වඩාත් ප්‍රයෝජනාත්මක වනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...